
වත්තේගම අධ්‍යාපන කලාපයේ පාතදුම්බර මහා විද්‍යාලයේ 2023 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල
වත්තේගම අධ්‍යාපන කලාපයේ පාතදුම්බර මහා විද්‍යාලයේ ( ජාතික පාසලේ ) 2023 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල ඉකුත්දා (04) වත්තේගම කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ මනෝජ් සෙනෙවිරත්න සහ වත්තේගම අධ්‍යාපන කලාපයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ සුසන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලිය ක්‍රීඩාංගනයේදී පැවැත්විණ.
විද්‍යාලයේ විදුහල්පති අජිත් කෝලිත රාජපක්ෂ මහතාගේ මගපෙන්විම හා උපදෙස් මත සංවිධානය කල මෙම ක්‍රීඩා උළෙලේදී උදාර ,වාසනා හා ප්‍රසන්න ලෙස නිවාසයන් තුනකට බෙදී දරුවන් තරග සදහා සහභාගි විය.