
දුම්බර මිටියාවතේ පිලවල මහා විද්‍යාලයේ ( ජාතික පාසලේ ) 2023 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල.
දුම්බර මිටියාවතේ වත්තේගම අධ්‍යාපන කලාපයේ පිහිටි පිලවල මහා විද්‍යාලයේ ( ජාතික පාසලේ ) 2023 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල ඉකුත්දා (04) වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලිය ක්‍රීඩාංගනයේදී පැවැත්විණ.
විද්‍යාලයේ විදුහල්පති ඩි.යු.දුනුවිල මහත්මියගේ මගපෙන්විම හා උපදෙස් මත මෙම ක්‍රීඩා උළෙල සංවිධානය කර පැවති අතර විශාල ආරාධිතයින් පිරිසක් හා අවට විදුහල්වල විදුහල්පතිවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.