මහනුවර දිස්ත්‍රික් ඩෙංගු කමිටුව රැස්වේ.

මහනුවර දිස්ත්‍රික් ඩෙංගු කමිටුව රැස්වේ.

මහනුවර දිස්ත්‍රික් ඩෙංගු කමිටුව රැස්වේ. කාලීනව ව්‍යාප්ත වන ඩෙංගු රෝගය පාලනය කිරීම සදහා ජනාධිති කාර්යය සාධන බලකායේ උපදෙස් මත මහනුවර දිස්ත්‍රික්කයම ආවරණය කරමින් සෞබ්‍යය වෛද්‍ය කොට්ඨාශ 23ම ආවරණය වන ලෙස නව වැඩසටහනක් දියත කිරීමට සැලසුම් කෙරේ. ප්‍රාදේශීය ඩෙංගු කමිටු ශක්තිමත් කරමින් ග්‍රාමීය ප්‍රදේශ මෙන්ම නාගරික ප්‍රදේශයන් ආවරණය වන පරිදි මෙම වැඩසටහන දියත් කිරීමට පියවර ගෙන ඇත. දැනට සිදු කරනු ලබන පවිත්‍රතා කටයුතු සිදු කිරීම, ජනතාව දැනුවත් කිරීම්, දුමාරණය කටයුතු හා පරීක්ෂණ සිදු කිරීම් වැඩි කිරීම , නිතිය ක්‍රියාත්මක කිරීම වැනි කටයුතු කාලීනව යාවත් කිරීමට ද මෙමගින් පියවර ගෙන ඇත. දිනපතා සංක්‍රමණිකයන් ලෙස මහනුවර නගරයට ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් පැමිණෙන බවත් , නගරික ප්‍රදේශයේ පාසල් 54 ක් පමණ පිහිටා ඇති අතර , දැනට වාර්තා වී ඇති රෝගීන් ගෙන් 25% පමණ පාසල් දරුවන් වන බැවින් එම තත්වය පාලනය කිරීම වෙනුවෙන් පාසල් නිවාඩු කාලය තුළ ද අඛණ්ඩව ගෙනගිය නිවාරන කටයුතු සිදු කිරීමට මෙහිදී යෝජනා විය. මෙම වර්ෂය තුළ දී මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති රෝගීන් ගණන 8563ක් වේ. මෙම ඩෙංගු කමිටුව සදහා මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් ,ප්‍රාදේශීය සෞබ්‍යය සේවා අධ්‍යක්ෂ සේනක තලගල , වසංගත රෝග වේදඥ මාසාරච්චි යන මහත්ම මහතමින් , ප්‍රාදේශීය ලේකම්වරුන් ,සෞබ්‍යය අංශ , පළාත් පාලන ආයතන ප්‍රධානින් ඇතුළු පිරිසක් සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook