
වගකීම් වටහාගෙන කඩිනමින් ඒ සදහා කටයුතු කිරීම මේ මොහොතේ අවශ්‍යයි - මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර
වගකීම් වටහාගෙන කඩිනමින් ඒ සදහා කටයුතු කිරීම මේ මොහොතේ අවශ්‍යයි - මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර
ජාතික ආර්ථිකයට සහය අවශ්‍ය මොහොතක රාජ්‍ය ආයතන ලෙස අප වඩා සංවේදීව කටයුතු කළයුතුයි. ආයතනවල හා නිලධාරීන්ගේ ක්‍රියාවන් නිසා අවසානයේ රජයටයි දෝශාරෝපනය එන්නේ. වගකීම් වටහාගෙන කඩිනමින් ඒ සදහා කටයුතු කිරීම මේ මොහොතේ අවශ්‍යයි. අපි හැමෝම ඉන්නේ ජනතාවට සේවය කිරීමටයි. එළබෙන වර්ෂය සංවර්ධිත ප්‍රවේශය වෙත ගමන් කරන වසරක් . සියලු ආයතන එක්ව මේ කාර්යය සදහා සහය ලබාදිය යුතුයැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ පවසයි. ඒ මහතා මෙලෙස පැවසුයේ මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අමතමිනි.
මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම එහි සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහාතාගේ හා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් රාජපක්ෂ යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් 28 දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
මෙහිදී මහනුවර ගුඩ් ෂෙඩ් බස්නැවතුම්පොළ ඇතුළු නගර සංවර්ධනය ව්‍යාපෘතිය පිළිබදව කරුණු සාකච්ජා කිරීම, කාලින අවශ්‍යතා හදුනා ගනිමින් ඉහල යන විදුලි ඉල්ලුම වෙනුවෙන් සුරිය පැනල භාවිතය ඉහළ නැංවීමේ ක්‍රියාවලිය , කාලීනව සතුන්ගෙන් සිදුවන වගාහානි අවම කර ගැනීම සදහා වායු රයිෆල් ලබාදීමේ වැඩසටහන පිළිබදව මෙහිදී කරුණු සාකච්ජා කරන ලදී.
කාලින අනතුරු වැලක්වීම වෙනුවෙන් නිසි සැලැස්මක අවශ්‍යතාවය පෙන්වා දුන්නේ නගරයේ හා තදාසන්න ප්‍රදේශවල අනතුරුදායක තත්වයේ පවතින ගස් ඉවත් කිරීමේ ගැටලුව සදහා කඩිනම් විසදුම් ලබාදීමේ අවශ්‍යතාවය පෙන්වා දෙමිනි.මෙහිදී පාසල් 37ක අනතුරුදායක ගස් 251 පවතින බව ද අනාවරණය විය.
දිස්ත්‍රික් සංවර්ධන සැලස්මේ හා පළාත් සභා සංවර්ධන සැලැස්මේ වසරක ප්‍රගතිය මෙහිදී ඉදිරිපත් කිරීම සිදු වූ අතර ,දිස්ත්‍රිකක්යේ ක්‍රියාත්මක ආරක්ෂක වැඩසටහන් පිළිබදව කරුණු දැක්වීම ද සිදු කෙරින.
මෙම අවස්ථාව සදහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් බණ්ඩාර , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ ,මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් ,ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත්, මාර්ග අමාත්‍යාංශයේ ලේකම් මදුපානි පියසේන , කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.දයානන්ද , කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් උපාලි රණවක , සෞබ්‍යය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි යන මහත්ම මහත්මීන් , ප්‍රාදේශීය ලේකම්වරුන් ,දෙපාර්තමේන්තු ප්‍රධානින් , පළාත් පාලන ආයතන ප්‍රධානින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.