
මධ්‍යම පළාත් නිදහස් සැමරුම් උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක්.
මධ්‍යම පළාත් නිදහස් සැමරුම් උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක්.
76 වන ජාතික නිදහස් දින උළෙලට සමගාමිව සංවිධානය කෙරෙන මධ්‍යම පළාත් නිදහස් සැමරුම් උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් 04 වන දින මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී සිදු කෙරිණ.
මධ්‍යම පලාතේ මෙවර සැමරුම් උළෙල මහත් අභිමානයෙන් සැමරීම වෙනුවෙන් පලාතට අයත් මහනුවර ,මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුනම එකාබද්ධ වී සැමරුම් උළෙල සංවිධාන කිරීම පිළිබදව මෙහිදී කරුණු සාකච්ජා කරන ලදී. ඒ අනුව ප්‍රධාන උළෙල මහනුවර මහමළුව අභියසදී හා ඊට සමගාමිව රුක් රෝපණ වැඩසටහනක් පල්ලෙකැලේ ප්‍රදේශය ආශ්‍රිතව සිදු කිරීමට යෝජනා විය. නිදහස් දින උළෙලට සමගාමිව මෙවර දිවයින පුරා පැල ලක්ෂ 20ක් රෝපණය කිරීමට සැලසුම් කොට ඇති අතර , ඊට වැඩි දායකත්වයක් මධ්‍යම පළාතෙන ලබාදීමට අපේක්ෂිතය.පසුගිය 75 වන නිදහස් දින උළෙලට සමගාමිව පල්ලෙකැලේ පිහිටි යුදහමුදා රයිෆල් කෝ බලකා භුමියේ අක්කර පහළොවක පොල් වගාකිරීම ද සිදුකරන ලදී. මෙවර පළාත් රාජ්‍ය ආයතන ,දිස්ත්‍රික් ලේකම් කාර්යාල , ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් , ශ්‍රී දළදා මාලිගාව , ශ්‍රී ලංකා යුද හමුදාව ,ශ්‍රී ලංකා පොලිසිය , පරිසර පොලිස් ඒකකය , බන්ධනාගාරය ඇතුළු ආයතන රැසක දායකත්වයෙන් වික්ටෝරියා මහවැලි රක්ෂිත ප්‍රදේශය , පල්ලෙකැලේ පිහිටි යුදහමුදා රයිෆල් කෝ බලකා භුමිය ඇතුළු ප්‍රදේශයන්, ප්‍රධාන මාර්ගය දෙපස රුක් රෝපණය කිරීමට මෙහිදී තීරණය කෙරින.
මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන , කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක , කෘෂිකර්ම අමාතයාංශයේ ලේකම් ඩබ්ලිව්.දයානන්ද , සභා ලේකම් සුජානි විජේතුංග , මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් ,මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්පල ජයරත්න , නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක ,මහනුවර නාගරික කොමසාරි ඉෂාන් විජේතිලක යන මහත්ම මහත්මීන් , නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් , දෙපාර්තමේන්තු ප්‍රධානින් ,ආරක්ෂක අංශ ප්‍රධානින් ඇතුළු පිරිසක් සහභාගී වුහ.