
දේශීය කිරි වෙළද පොලට නාවලපිටියෙන්...
දේශීය කිරි වෙළද පොලට නාවලපිටියෙන් නැවුම් කිරි,ජාතික කිරි නිෂ්පාදනයෙන් වැඩිම ප්‍රතිශතයක් සපයනු ලබන මධ්‍යම පළාතේ , නිෂ්පාදන ධාරිතාවය ඉහල නැංවීම සදහා ඉතා හොද පසුබිමක් පැවතිය ද , පශු සම්පත් ක්ෂේත්‍රයේ පවතින වෛද්‍යවරුන් ඇතුළු අත්‍යාවශ්‍ය මානව සම්පතේ අඩුව හේතු කොට කිරි නිෂ්පාදකයන් හා බලධාරීන් මහත් අපහසුතාවට පත්ව ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.
පළාතට පශුවෛද්‍යවරුන් 84 දෙනෙක් අවශ්‍ය නමුත් දැනට සේවය සදහා යොදවිමට හැකි වී ඇත්තේ 49 දෙනෙකු පමණක් බවත් , එකම ගවයෙක් හෝ ඇති නොකරන මොරටුව වැනි කොට්ඨාශය වල කිසිදු සේවයක් නොගන්නා පශුවෛද්‍යවරුන් 10 දෙනෙක් කාර්යාලගතව සිටින බවත් , අවශ්‍යතා නිසි පරිදි තුලනය කර ගත හැකිනම් වඩාත් පුළුල් මෙහෙවරක් ඉටු කල හැකි බවත් පෙන්වා දෙමින් පළාත තුල පවතින් ඌන උපයෝජිත රාජ්‍ය ඉඩම්, සම්පත් මහජන සුබ සිද්ධිය සහ පළාතේ සංවර්ධන සදහා භාවිතයට ගත යුතු බව අවධාරණය කරනු ලැබිය.
පළාත් ආණ්ඩුකාරවරයා මෙම අදහස් දක්වනු ලැබුවේ, අද පෙරවරුවේ නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේ දී , පැවති ෆ්‍රෙස් ලන්ඩ් කිරි කර්මාන්ත ශාලාව විවෘත කිරීම, සහ සැවන්දරා රෙස්ට් භෝජනාගාරය ජන අයිතියට පැවරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.නාවලපිටිය විවිධ සේවා සමුපකාර සමිතිය ට අයත් ව්‍යාපෘතියක් වන මෙම කර්මාන්ත ශාලාව තුලින් දිනකට කිරි ලීටර් 10000- 15000 පමණ ධාරිතාවයකින් නිෂ්පාදන කටයුතු කිරීමේ හැකියාව පවති.
රුපියල් මිලියන 1100 ක ආයෝජනයකින් නිෂ්පාදන කටයුතු ආරම්භ කල මෙම ව්‍යාපෘතියෙන් ප්‍රදේශයේ කිරි ගොවි පවුල් 50 කට පමණ සිය නිෂ්පාදන සෘජුවම අලෙවි කිරීමේ අවස්ථාව ලැබෙන අතර රැකියා විරහිත තරුණ තරුණියන් 50 කට පමණ රැකියා අවස්ථාවන් ද සම්පාදනය වේ.
“ ෆ්‍රෙස්ලන්ඩ්” වෙළද නාමයෙන් ගමින් ගමට දොරින් දොරට නැවුම් එළකිරි ලබා බෙදා හැරීමටත් , කිරි , බටර් , යෝගට් සහ චීස් වැනි නිෂ්පාදනයන් වෙළද පොළට නිකුත් කිරීමටත් සැලසුම් කොට අතර , ප්‍රංශ රජයෙන් ලබා ගත් ණය ආධාර සහ කිරි සහ බිත්තර ආශ්‍රිත නිෂ්පාදන පිලිබද රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන නාවලපිටිය විවිධ සේවා සමුපකාර සමිතිය වෙත මුදාහරිනු ලැබිය .
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඩි. බී හේරත්, මහනුවර දිස්ත්‍රික් පාර් ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ , හිටපු පළාත් ආණ්ඩුකාර සහ ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ඇතුළු ජනතා නියෝජිතයන් , පළාත් සමුපකාර අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක , පළාත් සමුපකාර කොමසාරිස් අමිල නවරත්න,කෘෂිකාර් ම අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය නිරෝෂන් ගමගේ යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් එක් වූ අතර නාවලපිටිය විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති ජගත් ලක්ෂමන් ගලප්පත්ති මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් විසින් උත්සව කටයුතු සංවිධානය කරනු ලැබිය.