මහනුවර දිස්ත්‍රික්කයේ ඉදිරි  සංවර් ධන කටයුතු සම්බන්ධයෙන් මහා නායක හිමිවරුන් දැනුවත් කෙරේ.

මහනුවර දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර් ධන කටයුතු සම්බන්ධයෙන් මහා නායක හිමිවරුන් දැනුවත් කෙරේ.

මහනුවර දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර් ධන කටයුතු සම්බන්ධයෙන් මහා නායක හිමිවරුන් දැනුවත් කෙරේ. 2024 වසරේ මුල් මාස හත ඇතුලත මහනුවර දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් සදහා ම ප්‍රධාන නිර් නායක හතරක් යටතේ ප්‍රමුඛතා ගත කොට ගමෙන් ම හදුනා ගනු ලබන සංවර් ධන යෝජනා ක්‍රියාත්මක කිරීමට වසර ගණනාවකට පසුව රුපියල් මිලියන 650 යක ට වැඩි මුදලක් ලබා දීමට රජය කටයුතු කර ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතා මල්වතු සහ අස්ගිරි මහා නායක ස්වාමින් වහන්සේලා දැනුවත් කළහ. අද පෙරවරුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් ශ්‍රවනාගාරයේ දී පැවති දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මහා නායක ස්වාමින් වහන්සේලා බැහැ දැක එම කම්ටුවේ දී ගනු ලැබූ තීරණ සමබන්ධයෙන් උන් වහන්සේ ලා දැනුවත් කල පළාත් ආණ්ඩුකාරවරයා , ගරු ජනාධිපතිවරයා වර් ෂික අයවැය ප්‍රකාශයෙන් දන්වා සිටි පරිදි ගම් මට්ටමින් ජනතාව, විවිධ ග්‍රාමීය සංවිධාන සහ ජනතා නියෝජිතයන් රෑස් කොට කඩිනමින් සපුරා ගත යුතු අත්‍යාවශ්‍ය ව්‍යාපෘති හදුනා ගෙන ඒවා කඩිනමින් ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවට ඉදිරිපත් කොට එහි අනුමැතියෙන් දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවට යොමු කල යුතු බවත් අනතුරුව මුදල් අමාත්‍යාංශය මගින් පෙබරවාරි මාසය තුල මුදල් ලබා දීමට ත්, ඒවා කඩිනමින් ආරම්භ කොට ජුලි 31 දින වන විට නිමා කල යුතු බවටත් උපදෙස් ලැබී ඇති බව පෙන්වා දෙනු ලැබිය. මේ ක්‍රමවේදයෙන් මෙතෙක් කිසිදු ආකාරයක ප්‍රතිපාදන නොලැබු දුෂ්කර ප්‍රදේශ සදහා ද විශේෂ අවධානය යොමු කොට ඇති බවත් , ඒ හේතුවෙන් ප්‍රතිලාභ කිසිදු අසාධාරණයකින් තොරව ගමින් ගමට ලැබෙන බව ද ප්‍රකාශ කල ගමගේ මහතා, මල්වතු මහා නායක හිමියන් ඉදිරිපත් කොට තිබු දළදා මාලිගා පරිශ්‍රයේ සම්භාහන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක් ගනු ලබන උත්සාහය සම්බන්ධයෙන් විරෝධතාවය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදී සියලු පාර් ශවයන් පල කල බවත් , ඒ අනුව එවන් කිසිදු ව්‍යාපාරයකට අනුමැතියක් ලබා නොදිමට සියලු ආයතන වලට නියම කරනු ලැබූ බව ද සදහන් කළේය. අනතුරුව ගැටබේ රාජෝපවනාරාමයේ දී අනුනායක හිමියන් බැහැ දැක උන්වහන්සේ වෙත ද මෙම කරුණු සැල කර සිටීමට පියවර ගත් ආණ්ඩුකාරවරයා ,උන් වහන්සේලාගෙන් රටේ පවතින විවිධ තත්වයන් සහ අවස්ථා සම්බන්ධයෙන් ලබා දෙන අවවාද සහ උපදෙස් සම්බන්ධයෙන් ජනපතිතුමා ඇතුළු රජයේත් , පළාත් සභාවේත් ප්‍රණාමය පල කළේය. මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ සහ ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මින් ද එක්විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook