රංගිරි දඹුල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ ඉනාමළුව සමුපකාර ග්‍රාමීය බැංකුව හා වෙළෙඳ මධ්‍යස්ථානය ජනතා අයිතියට

රංගිරි දඹුල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ ඉනාමළුව සමුපකාර ග්‍රාමීය බැංකුව හා වෙළෙඳ මධ්‍යස්ථානය ජනතා අයිතියට

අද රට පුරා වෙළඳ මතයක් ක්‍රියාත්මක වෙනවා. එනිසා ජනතාව පීඩනයට පත් වෙනවා. අපි හැමෝම මිනිස්සු. නමුත් මිනිස්කම් අද ඈත් වෙලා, තමන් ගැන විතරක් හිතන සමාජයක් බවට පත්වෙලා. සමුපකාර ව්‍යාපාරයෙන් පීඩනයට පත් ජනතාව සඳහා සහනයක් ලබා දෙන්න හැකියාව පවතිනවා. අද අපි විනයක් නැති, මූල්‍ය විනයක් නැති ජාතියක් බවට පත්වෙලා. මේ තත්වය වෙනස් කරමින් සමාජ පරිවර්තනය කරා ගමන් කළ යුතුයි එහි මූලාරම්භය සමූපකාර ව්‍යාපාරය තුළින් දියත් කිරීම කාලෝචිතයැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසූයේ රංගිරි දඹුල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ ඉනාමළුව සමුපකාර ග්‍රාමීය බැංකුව හා වෙළෙඳ මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.මෙම උත්සවය19දින ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉනාමලුවේදී සිදු කෙරිණ.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවර ගමගේ මහතා, වත්මන් ජනාධිපතිතුමා ගෙනයන ජාතික සංවර්ධන වැඩසටහන අද රට පුරා ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කය වෙනුවෙන් රුපියල් මිලියන 287ක් වෙන්කරලා තියෙනවා. ඒ පැවති ආර්ථික අර්බුදයෙන් ගිලිහුනු සංවර්ධන කටයුතු යළි ගොඩනැගීම වෙනුවෙන්.සමුපකාරය ව්‍යාපාරය මෙහි ප්‍රබල කොටස් කරුවෙක් වනවා යැයි කීය. ඉනාමළුව බල ප්‍රදේශයේ පවතින කිලෝමීටර් හාරසි තිස් නමයක(439) බල ප්‍රදේශයේ පුරා පිහිටි ගම් 165 ක ජීවත්වෙන 89000ක් පමණ වන ජනගනය වෙත තම සේවා අවශ්‍යතා ඉටුකර ගැනීමේ පහසුව ලබාදීමත්, ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය ට පසුබිම උදා කිරීම මෙන්ම සාමාජික සුරක්ෂිතභාවය අරක්ෂා කරමින් ජාතික ආර්ථිකයට විශාල දායත්වයක් ලබාදීම මෙහි ප්‍රමුඛ අරමුණ වේ.මෙම සමුපකාර ග්‍රාමීය බැංකුව හා වෙළෙඳ මධ්‍යස්ථානය විවෘත කිරීමට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක් හා 2023 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ඨ ප්‍රතිඵල අත්කරගත් ඉනාමළුව ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් විසි දෙදෙනෙකු (22) සදහා ශිෂ්‍යත්ව ප්‍රදානයන් සහ පාසල් උපකරණ ලබාදීම ද සිදුකරන ලද අතර , රුපියල් මිලියන 20ක මුදලක් මේ සඳහා යොමුකොට ඇත.මෙම අවස්ථාව සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් සමූපකාර කොමසාරිස් අමිල නවරත්න, සී/ස රංගිරි දඹුල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති කේ.ජී.අබේරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook