“උරුමය”ජාතික වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවක්.

“උරුමය”ජාතික වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවක්.

ජනතාව වෙත ස්ථිරසාර ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහනේ සමාරම්භය මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කය පදනම් කරගනිමින් ආරම්භ කිරීමට මේ වන විට කටයුතු යොදා ඇත. වසර ගණනාවක සිට නොවිසුදුණු ඉඩම් ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබා දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන “උරුමය”ලෙස නම්කොට ඇති මෙම ජාතික වැඩසටහන දඹුල්ල ප්‍රදේශය පදනම් කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා(19) දඹුල්ල රංගිරි දඹලු ක්‍රීඩාංගණයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යු ගමගේ මහතාගේ හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානී තිලකරත්න, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු , ඉඩම් කොමසාරිස් මනෝෂා විජේතුංග යන මහත්ම මහත්මීන්, ආරක්ෂක අංශ ඇතුළු උත්සව සංවිධාන කමිටුවේ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook