
ජාතික තෛපොංගල් උත්සවය හැටන්හීදී.
ජාතික තෛපොංගල් උත්සවය හැටන්හීදී
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය සහ නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද වාර්ෂිකව දෙමළ ජනතාව විසින් සමරනු ලබන අස්වනු මංගල්‍යය වන ජාතික තෛපොංගල් උත්සවය 2024 'හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයේ දී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් , නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවර සෙන්ඩිල් තොණ්ඩමන්, උතුරු පළාත් ආණ්ඩුකාරවර පී. එස්. එම්. චාල්ස් , බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් (21) පැවැත්විණි.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ද මෙම උත්සවය සදහා සුබපැතුම් එක් කරමින් සුභ පැතුම් පණිවිඩ එවා තිබූ අතර, නර්ථනාංග සහ දමිල සංස්කෘතික අංග ඇතුලත් ව විචිත්‍රවත් ලෙස සංවිධානය කර තිබු මෙම වැඩසටහන සදහා දකුණු ඉන්දීය නිලියන් කිහිපදෙනෙකු ද එක් ව සිටියේය. මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, ශ්‍රී ලාංකීය ජන සංස්කෘතියේ ඇති අලංකාරවත් බව මෙවැනි උත්සව වලින් පිළිඹිබු වන බවයි. ගොවිතැන් කටයුතු සඳහා සූර්ය දෙවියන්ගෙන් ලැබුණු ශක්තියට කෘතගුණ දැක්වීම වෙනුවෙන් සංවිධානය කෙරෙන මෙම තෛපොංගල් ඉතා සුවිශේෂී බවත් මෙහිදී එම මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කර සිටියේය.සර්ව ආගමික පූජකවරු , නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් .රාමේෂ්වරන්,අමාත්‍යංශ ලේකම්වරු වන සෝමරත්න විදානපතිරණ , ඒ. සී .එම් .නෆීල්,හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ වයි. අනුරුත්තනන් යන මහත්ම මහත්මිහූ ඇතුළු සම්භාවනීය අමුත්තන්, දිවයින පුරා ප්‍රදේශයන්හි වෙසෙන හින්දු බැතිමත්හූ ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ.