භාෂා සැලසුම් පිළියෙළ කිරීම පිළිබද පුහුණු වැඩසටහනක්.

භාෂා සැලසුම් පිළියෙළ කිරීම පිළිබද පුහුණු වැඩසටහනක්.

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ඵලදායිව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මධ්‍යම පළාතේ රාජ්‍ය ආයතන සදහා භාෂා සැලසුම් පිළියෙළ කිරීම පිළිබද පුහුණු වැඩසටහනක් අද දින (26) පල්ලෙකැලේ පිහිටි පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. ජාතික ඒකාබද්ධතාවය හා ජාතික සංහිදියාව වර්ධනය කරමින්, යහ සමාජයක් ගොඩනැගීමේ පදනම බවට භාෂාව පත්ව ඇත. යහපත් වූ සේවා පරිසරයක් ඇති කරමින් සේවාලාභීන්ගේ අවශ්‍යතා ඉටුකර දීමේ දී රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය වඩා ඵලදායිව පළාත් රාජ්‍ය ආයතන තුළ ක්‍රියාවට නැගීම වෙනුවෙන් භාෂා සැලසුම් සකස්කොට ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛ අරමුණ ඉටු කිරීම වෙනුවෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් මෙම වැඩසටහන සංවිධානය කොට පැවතුනි. මාණ්ඩලික නිලධාරින් හා විෂය නිලධාරින් වෙනුවෙන් සංවිධානය වූ මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය මධ්‍යම පළාත් සභා භාෂා සැලසුම් කමිටුවේ පුහුණු නිලධාරි ලෙස කටයුතු කරන මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) ලලිත් දසනායක මහතා විසින් ලබාදෙන ලද අතර මේ සදහා 200 දෙනෙකු පමණ සහභාගී විය. මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂ තිලිණි දෙහිගොල්ලේ මහත්මියගේ උපදෙස් මත මෙම පුහුණු වැඩසටහන් සංවිධානය කෙරේ

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook