පළාත් පාලන ආයතන නිලධාරීන්ට ගිණුම් ක්‍රම පිළිබඳව පුහුණුවක්.

පළාත් පාලන ආයතන නිලධාරීන්ට ගිණුම් ක්‍රම පිළිබඳව පුහුණුවක්.

පළාත් පාලන ආයතන නිලධාරීන්ට ගිණුම් ක්‍රම පිළිබඳව පුහුණුවක්. 2025 වර්ෂය සඳහා අයවැය කෙටුම්පත් ඇස්තමේන්තු සකස් කිරීම පිළිබඳව පළාත් පාලන ආයතන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය (6) නවයාලතැන්න, පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්විය. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය (අයවැය හා ගිණුම් අංශය) පළාත් පාලන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩමුළුව සංවිධානය කර තිබිණි. මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) ජි.එම්ඒ.කේ. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත් වූ අතර 2025 වර්ෂය සඳහා පළාත් පාලන ආයතන වල අයවැය ඇස්තමේන්තු සකස් කිරීම පිළිබඳව න්‍යායාත්මක, ප්‍රායෝගික පුහුණුව හා ගිණුම් තැබීම හා ලේඛන පවත්වාගෙන යාම පිළිබඳව පුහුණුව ලබා දීම මෙහිදි සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා මධ්‍ය පළාත් සභාවේ අයවැය අධ්‍යක්ෂ එම්. අනුරුද්ධ බණ්ඩාර, පලාත් පාලන දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරී ඩබ්.එම්.ජී.කේ.ආර්. බණ්ඩාර යන මහත්වරු ඇතුළු පළාත් පාලන ආයතන වල නිලධාරින් පිරිසක් සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook