ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය මාතලේ දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රිකට් කණ්ඩායම දිනාගනී.

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය මාතලේ දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රිකට් කණ්ඩායම දිනාගනී.

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය මාතලේ දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රිකට් කණ්ඩායම දිනාගනී. මෙවර ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලිය ( H ඛාණ්ඩය) ශුරතාවය හිමිකර ගැනීමට මාතලේ දිස්ත්‍රික් ක්‍රිකට් කණ්ඩායම සමත්වේ. මෙවර ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලිය ( H ඛාණ්ඩය) ප්‍රථම වතාවට නියෝජනය කරමින් මාතලේ කණ්ඩායම සහභාගි වූ සියලු තරග ජයග්‍රහණය කරමින් අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර අවසන් මහා තරගයේ දී රාජ්‍ය බුද්ධි අංශ කණ්ඩායම ලකුණු 17න් පරාජයට පත් කරමින් ශූරතාවය දිනා ගැනීමට මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම සමත් විය. තරගාවලියේ අනු ශුරතාවය රාජ්‍ය බුද්ධි අංශ කණ්ඩායමට හිමිවිය. අවසන් තරගය රත්මලාන ජනසතු ක්‍රීඩාංගනයේදී පැවති අතර , පළමුව පන්දුවට පහර දුන් මාතලේ කණ්ඩායම නියමිත පන්දුවාර 40 අවසානයේදී 217/8 ලබාගැනීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජ්‍ය බුද්ධි අංශ කණ්ඩායම නියමිත පන්දුවාර 40 අවසානයේ දී ලබාගැනීමට හැකිවුයේ සියලුදෙනා දැවී ලකුණු 200ක් පමණි. ඒ අනුව ලකුණු 17ක තියුණු ජයක් ලබාගැනීමට මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම සමත් විය. තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වූ මාතලේ දිස්ත්‍රික් කණ්ඩායමේ යොහාන් මදුසංක ජයවීර (269) හොදම පිතිකරු ලෙස සම්මානය හිමිකර ගන්නා ලදී. මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ පූර්ණ උපදෙස් මත , ප්‍රාදේශීය ලේකම් හර්ෂ සේනාධීර මහතාගේ මෙහයවීමෙන් මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook