
මධ්‍යම පළාතේ වාහන ආදායම් බලපත්‍ර අංශ සඳහා තාක්ෂණික උපකරණ.
මධ්‍යම පළාතේ වාහන ආදායම් බලපත්‍ර අංශ සඳහා තාක්ෂණික උපකරණ.
මධ්‍යම පළාත් සභාවේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදු කරනු ලබන ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සදහා තාක්ෂණික උපකරණ බෙදා දීම පසුගිය(09) මධ්‍යම පළාත් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදි සිදු කෙරිණි.
මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව සංවිධානය කළ මෙම වැඩසටහනේ දී මධ්‍යම පළාතේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල පිහිටුවා ඇති වාහන ආදයම් බලපත්‍ර නිකුත් කරනු ලබන කාර්යාල හා උප කාර්යාල සඳහා අවශ්‍යව පැවති මුද්‍රණ යන්ත්‍ර, ස්කෑනර් යන්ත්‍ර, රවුටර්, මොනිටර් යන්ත්‍ර හා යූ.පී.එස් යන්‍ත්‍ර යන තාක්ෂණික උපකරණ ලබාදීම සිදුවිණි. මේ සඳහා මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැය කර ඇති මුදල රුපියල් මිලියන 5කි.
මධ්‍යම පළාත් ආණ්ඩුකර ලේකම් මංජුලා මඩහපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවසථාවට මධ්‍යම පාළාත් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මිය, මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රවාහන කොමසාරිස් පාරමි තෙන්නකෝන්, මධ්‍යම පාළාත් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරි ප්‍රශාන්ත මැදගෙදර යන මහත්වරුන් ප්‍රාදේශිය ලේකම්වරුන් සහ එම කාර්යාලවල නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.