
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ මෙරට ඊජිප්තු තානාපති අතර හමුවක්.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ මෙරට ඊජිප්තු තානාපති අතර හමුවක්..
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා සහ ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති මැජිඩ් මොස්ලේ (Maged Mosleh) මහතා අතර හමුවක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී (10) සිදුවිණී.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ ඊජිප්තු තානාපතිවරයා අතර දෙරටේ පවතින මිත්‍රත්වය, එෛතිහාසික, සමාජ ආර්ථික හා ආගමික සබඳතාවයන් වැඩිදියුණු කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සුහද කතාබහක නිරත විය.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වූ අතර මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ද එක්ව සිටියාය.