
"යොවුන් දහම් සක්මන" ට මෙවරත් විශාල ජන සහභාගිත්වයක්..
"යොවුන් දහම් සක්මන" ට මෙවරත් විශාල ජන සහභාගිත්වයක්..
කුණ්ඩසාලේ මහමෙව්නා අසපුවේදී වසරකට වරක් පවත්වනු ලබන “යොවුන් දහම් සක්මන” වැඩසටහන පසුගිය දා (10) අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ විශාල බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුහ.
තරුණ කණ්ඩායම් ඉලක්ක කොට සංවිධානය කරනු ලබන මෙම විශේෂ ආගමික හමුවේදී ,මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යූ. ගමගේ මහතා විසින්, පසුගිය කොවිඩ් වසංගත සමයේදී කුණ්ඩසාලේ මහමෙවුනා භාවනා අසපුව මගින් සිදුකළ සමාජ මෙහෙවර අගයමින් මහමෙව්නා භාවනා අසපුවේ නිර්මාතෘ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ වෙත විශේෂ සන්නස්පත්‍රයක්, පිරිනමනු ලැබිය ..
කුණ්ඩසාලේ මහමෙව්නා භාවනා අසපුවේ විහාරාධිපති නාලන්දේ පවර ස්වාමින් වහන්සේ මුලික විහාරවාසී මහා සංඝරත්නයේ සහ සතර පේරුවේ දායක කාරකාදීන් ගේ සංවිධාකත්වයෙන් පැවති සදහම් සක්මන වැඩසටහනට, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ යන මහත්ම මහත්මින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.