
දෙස් විදෙස් සංචාරකයන් ට නුවරඑළියේ සැබෑ පාරිසරික සුන්දරත්වය විදින්න අවකාශ විවර කර දෙන්න.
දෙස් විදෙස් සංචාරකයන් ට නුවරඑළියේ සැබෑ පාරිසරික සුන්දරත්වය විදින්න අවකාශ විවර කර දෙන්න ලෙස සම්බන්ධිකරණ කමිටුවට පළාත් ආණ්ඩුකාරවරයාගෙන් යෝජනාවක්.
මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන් ට මෙන්ම දේශීය සංචාරකයන් ට පවා කදුකරයේ අසිරිය නැරබීමට ඇති අවස්ථා නිසි ලෙස විවර කර දීමට අපොහොසත් ව ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතා අද පෙරවරුවේ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර් යාල ශ්‍රවනාගාරයේ දී පැවති දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේ දී පෙන්වා දෙනු ලැබිය.
මුහුදු මට්ටමේ සිට ඉහලින් ම පිහිටි ලංකාවේ උසම කන්ද ලෙස සැලකෙන පිදුරුතලාගල කදු පාමුල සිට අවට පරිසරය නැරඹීම සදහා සියලු පහසුකම් සම්පාදනය කොට පැවතිය ද අධි ආරක්‍ෂිත කලාපයක් ලෙස එම ස්ථානය ක්‍රමානුකුල සංචාරකයන් සදහා විවෘත කොට දිය යුතු බව පෙන්වා දුන් ආණ්ඩුකාරවරයා , ඒ සදහා වූ යෝජනාව ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමු කොට අවශ්‍ය පියවර ගන්නා ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා ට උපදෙස් දුන්නේය.
ලංකා සිතියමේ 0 ලක්ෂය හමුවන ස්ථානය වන මෙම කඩු මුදුන අධ්‍යාපනික වශයෙන් ඉහල අගයක් ගන්නා ස්ථානයක් බවත් , ලාංකේය දරුවන් ට ඒවා ප්‍රායෝගිකව අත්විදීමේ අවස්ථා ලබා දිය යුතු බවත් පෙන්වා දුන් ගමගේ මහතා, පහත සිට මුදුන් ස්ථානය දක්වා කාපට් අතුරා, වාහන ගාල් කිරීමේ ඉඩකඩ සහිතව හා අවන්හලකින් ද යුක්ත වූ නමුත් දැඩි සංවේදී පරිසර පද්ධතියක් බැවින් ඉතා ක්‍රමානුකුල ඒකාබද්ධ වැඩපිළිවෙලක් ආරක්ෂක, සංචාරක, වන සංරක්ෂක, පරිසර සහ පළාත් පාලන ඇතුළු සියලු අංශ එකතුව සම්පාදනය කොට ඉදිරි වසන්ත සමය වන විට ක්‍රියාත්මක කල හැකිවේ නම් ඉහල ආකර්ෂණයක් ලබා ගැනීමට හැකිවනු ඇතැයි ද විශ්වාසය පල කළේය.
එසේම සදතැන්න ගොවිපල අංශක 360 ක් තරම් විවර ව පැතුරුණු නැරඹුම් කේන්ද්‍රයක් වූ ,උදැසන හිරු උදාව ඉතා මනරම් ලෙස නෙතට හසුවන ස්ථානයක් ලෙස තමාගේ පෞද්ගලික නිරීක්ෂණයට ලක් වූ බවත්, එම අවස්ථා ව ද දෙස් විදෙස් සංචාරකයන් ට අවස්ථා සලසා දීමෙන් ඉතා ඉහල ආදායමක් ලබා ගැනීමේ ඉඩකඩ පවතින බවත් පෙන්වා දුන් ආණ්ඩුකාරවරයා , එම ස්ථානය සදහා යායුතුව ඇති කිලෝමීටර් 04 ක පමණ දුර මාර් ගය ඉතා අබලන් ව පවතින අතර , සේවක මණ්ඩල වල පවතින අඩුව හේතුකොට යම් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අසීරු වී ඇතිබව පාලන අධිකාරිය පැවසු බවත් කමිටු රැස්වීමට දැනුම් දුන්නේය. ඒ සදහා ද පළාත් පාලන ආයතනය , කෘෂිකර් ම දෙපාර් තමේන්තුව සහ පළාත් මාර් ග සංවර් ධන අධිකාරියේ සහාය ලබා ගෙන වැඩ පිළිවෙලක් සකස් කොට උදැසන 5.30 සිට එම ස්ථානයට ඇතුල්වීමට අවසර ලබාදීමට කටයුතු කරන ලෙස ද දන්වනු ලැබිය.
මෙම කමිටු රැස්වීම සමසභාපතිවරුන් වන ආණ්ඩුකාරවර ලලිත් යු ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර , වී .රාධා ක්‍රිෂ්ණන් සහ එම් .රාමේෂ්වරම් යන මන්ත්‍රීවරුන් ප්‍රමුඛ ව ආණ්ඩුකාර ලේකම්, අමාත්‍යාංශ ලේකම්වරුන්.ආයතන ප්‍රධානින්., ප්‍රාදේශීය ලේකම්වරුන්, නාගරික කොමසාරිස් සහ ප්‍රාදේශීය සභා ලේකම්වරුන්. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඈතුලු දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් ගේ සහභාගි විය. නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් සහ කමිටු ලේකම් නන්දන ගලබොඩ මහතා විසින් මෙම කමිටු රැස්වීම කැදවනු ලැබිය.
.