වික්ටෝරියා වේල්ල හරහා සැහැල්ලු වාහන ගමනාගමනයට අවසර ලබා දීමට අවධානය..

වික්ටෝරියා වේල්ල හරහා සැහැල්ලු වාහන ගමනාගමනයට අවසර ලබා දීමට අවධානය..

වික්ටෝරියා වේල්ල හරහා සැහැල්ලු වාහන ගමනාගමනයට අවසර ලබා දීමට අවධානය.. වික්ටෝරියා වේල්ල ආශ්‍රිත ප්‍රදේශය සඳහා සැහැල්ලු වාහන ඇතුල් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොය බලා වාර්තා කරන ලෙස අදාළ බලධාරීන් වෙත මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පසුගියදා (14) උපදෙස් ලබා දෙන ලදි. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා මෙම උපදෙස් ලබා දෙන ලද්දේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු ගුණතිලක රාජපක්ෂ මහතා සහ ආණ්ඩුකාරවරයාගේ ද සම සභාපතිත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ය. වික්ටෝරියා වේල්ල හරහා සැහැල්ලූ වාහන ඇතුල් කිරීම හරහා වඩා සංචාරක ආකර්ශනයක් ලබා ගැනීමට ඇති හැකියාව හා කෙටි ප්‍රවේශ මාර්ගයක් ලෙස එය භාවිතා කිරීම හරහා ගමනාගමනයේ දී ඇතිවන වාසි සහගත තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අවධානයට යොමු විය. ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් පරිදි වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට යෝජිත සංචාරක කලාපයට අවශ්‍ය පහසුකම් සැලසීමට ද ප්‍රමුඛතාව ලබා දියු යුතු බවත්, එහි ප්‍රධාන අංගයක් ලෙස වික්ටෝරියා රැජිනියගේ ප්‍රතිමාව ස්ථාපන කිරීමේ කටයුතු මේ වන විට ද අවසන් වී ඇති බවද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මධ්‍යම පළාත් සභාව මගින් මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 1089.75 ක මුදලක් 2024 වර්ෂය සඳහා වෙන් කර ඇති බවත් මේ යටතේ ව්‍යාපෘති 649ක් ක්‍රියාත්මක කරන බවත් මෙම රැස්වීමේදි අවධාරණය කෙරිණි. මධ්‍යම පාළාත් ප්‍රධාන හා අධ්‍යාපන, කෘෂිකර්ම, සෞඛ්‍ය, මාර්ග සංවර්ධන, කර්මාන්ත යන අමාත්‍යාංශ යටතේ ඇති දෙපාර්තමේන්තු හා අංශ, ඒකක මගින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන බව මෙහි දි අනාවරණය කෙරිණි. මෙම අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මීන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook