
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ දකුණු අප්‍රිකානු තානාපති අතර හමුවක්..
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ දකුණු අප්‍රිකානු තානාපති අතර හමුවක්..
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා සහ දකුණු අප්‍රිකානු තානාපති සන්ඩිල් එඩ්වින් ෂැල්ක් මහතා (Sandile Edwin Schalk) අතර හමුවක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී (14) දින සිදුවිණී.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ දකුණු අප්‍රිකානු තානාපති අතර දෙරටේ පවතින ඓතිහාසික, සමාජ ආර්ථික හා කරුණු සම්බන්ධයෙන් මෙහිදී සුහද කතාබහක නිරත වූ අතර ක්‍රිකට් හා රග්බි පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් ද යොමු විය.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වූ අතර මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය, මධ්‍යම පළාත් සංචාරක අධ්‍යක්ෂ මිහිරන් බණ්ඩාර මහතා ද එක්වූහ.