මිණිපේට දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්.

මිණිපේට දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්.

මිණිපේට දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්. මිණිපේ නිම්නයේ ආදරණීය දරුවන්ට ආරක්ෂාව, රැකවරණය,සෙනෙහස පිරුණු සුරැකුම් කැදැල්ලක් නිර්මාණය කිරීම අරමුණු කරගනිමින් හසලක නගර මධ්‍යයේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක දිවා සුරැකුම් මධ්‍යස්ථානය පසුගියදා (21) මධ්‍යම පළාත්, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් දරුවන්ගේ අයිතියට පත් කෙරිණි. මීට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක්ද පැවැත්විණි. මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථානය සඳහා රුපියල් ලක්ෂ 16ක මුදලක් වැය කර ඇත. මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් සහකාර පළාත් පාලන කොමසාරිස් ඒ.ජී. ඩබ්ලිව්. අත්තනායක, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරි ගැමුණු බණ්ඩාර, මිනිපේ ප්‍රාදේශීය සභාවේ ලේකම් නිමල් චන්ද්‍රසිරි මහවත්ත මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook