
මාතලේ රාජ්‍ය සේවා ක්‍රිකට් ශුරයින් ඇගැයීමට ලක්කරයි.
මාතලේ රාජ්‍ය සේවා ක්‍රිකට් ශුරයින් ඇගැයීමට ලක්කරයි.
රාජ්‍ය සේවා ක්‍රිකට් ශූරතාවය දිනු මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම ඇගැයිමේ වැඩසටහනක් පසුගිය 22 දින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියේ H කාණ්ඩයේ ශුරතාව මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම විසින් දිනාගන්නා ලදී. ජයග්‍රාහී කණ්ඩායමේ ක්‍රීඩකයින් ඇගැයීම මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ප්‍රථම වරට රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියට එක් වු මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම සහභාගි සියලුම තරග අපරාජිතව රත්මලානේ වාරිමාර්ග දෙපාර්තමේන්තු ක්‍රීඩාංගනයේදී පසු ගිය 26 දින පැවැති අවසන් මහ තරගයෙන් රාජ්‍ය බුද්ධී අංශ කණ්ඩායම ලකුණු 17කින් පරාජයට පත්කරමින් ශූරතාවය දිනාගැනීමට මාතලේ දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රිකට් කණ්ඩායම( Matale District State Service Cricket Club - Matale D S ) සමත්විය.
රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන ක්‍රිකට් තරගාවලිය සදහා ප්‍රථම වරට ඉදිරිපත් වු මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම තමන් මුහුණ දුන් තරග සියල්ල ජයගනිමින් අපරාජිතව ශූරතාවය දිනා ගැනීම විශේෂත්වයකි. ජයග්‍රාහි කණ්ඩායමේ ක්‍රීඩකයින් හට ප්‍රශංසා සහතික ප්‍රදානය මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන උත්පල ජයරත්න, රිස්මිනා රියාල්දීන් අඹන්ගග කෝරළේ ප්‍රාදේශීය ලේකම් හර්ෂ සේනාධීර, සහකාර දිස්ත්‍රික් ලේකම් රේණුකා බුලනවැව යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි විය.