ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි වැඩසටහන මැදරට දරුවන්ටත්..

ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි වැඩසටහන මැදරට දරුවන්ටත්..

ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි වැඩසටහන මැදරට දරුවන්ටත්.. ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි වැඩසටහන, පලමු ශ්‍රේණි දරුවන්ට ආරම්භ කිරීමේ ජාතික උත්සවයට සමගාමීව මධ්‍යම පළාත් උත්සවය මහනුවර කලාපයේ අම්පිටිය බෙරවට්ස් රාජකීය ප්‍රාථමික විද්‍යාලයේදි අද (04) ආරම්භ කෙරිණි. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහ‍‍පොල මහත්මිය සහ මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවැත්විය. මෙහිදි මෙවර පලමු ශ්‍රේණිය සඳහා ඇතුලත් වූ සිසු දරුවන් විසින් ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි වැඩසටහනට අදාළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඉදිරිපත් කිරීම සිදු කළේය. එමෙන්ම මීට සමගාමීව මෙම වැඩසටහනට අදාළ දෙවන ශ්‍රේණියේ දරුවන්ගේ ඉගෙනුම් ඉැගැන්වීම් ක්‍රියාවලිය ද නිරීක්ෂණය කිරීම සිදු විය. මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, අමරසිරි පියදාස මහතා, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.සී.අයි. අන්දරගේ මහත්මිය නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.ඩි.ඩි. ප්‍රියදර්ශනී මහත්මිය ඇතුළු නිලධාරීන්, අම්පිටිය බෙරවට්ස් රාජකීය විද්‍යාලයේ විදුහල්පති සේනක සමරතුංග යන මහත්වරු, ගුරුභවතුන් සිසු සිසුවියන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook