සප්ත කන්‍යා,  ඉන්දුනීසියානු ගුවන් අනතුරෙන්  මියගිය අය සිහිපත් කරමින්  විශේෂ සැමරුම් වැඩසටහනක්.

සප්ත කන්‍යා, ඉන්දුනීසියානු ගුවන් අනතුරෙන් මියගිය අය සිහිපත් කරමින් විශේෂ සැමරුම් වැඩසටහනක්.

1974 වසරේ දෙසැම්බර් මස 04 වන දා ඉන්දුනීසියාවේ සිට පියාසර කරමින් තිබු DC 08 එයාර් මාටින් ගුවන් යානය නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලක්ෂපාන ප්‍රදේශයේ පිහිටි සප්ත කන්‍යා කඳුවැටියේ ගැටීමෙන් සිදුවූ බිහිසුණු ගුවන් අනතුර සිදුව වසර 49 ක් සපිරේ. එහි 50 වන වර්ෂ පුර්ණ සැමරුමට සමගාමිව ඒ වෙනුවෙන් එම ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත් එම ඉන්දුනීසියානුවන් සිහිපත් කරමින් විශේෂ සැමරුම් වැඩසටහනක් පසුගියදා (05) එම ස්ථානයේ ඉදිකොට තිබෙන ස්මාරකය ඉදිරිපිට දී, ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි දේවි ගුස්ටිනා ටොබින් (DEWI GUSTINA TOBING) මහත්මිය හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ . ගමගේ මහතා ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මේ අනතුරෙන් ඉන්දුනීසියානු ජාතික ඉස්ලාම් බැතිමතුන් 182 දෙනෙකු හා ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 09 දෙනෙකු ඇතුළු 191 දෙනෙක් ජීවිතක්ෂයට පත් විය. එම ගුවන් අනතුරෙන් මියගිය ගුවන් සේවිකාවගේ හැර අනෙකුත් සියලු දෙනාගේ සිරුරු කෙරුනේ මෙම සප්ත කන්‍යා කදු පාමුල පිහිටි ස්මාරකය ආසන්නයේ මිහිදන් කෙරුණි. ඉදිරියේ දී මෙම ස්මාරකය ඉන්දුනීසියානුරජය විසින් ප්‍රතිසංස්කරණය කිරීමට බලාපොරොත්තු වන අතර එම ස්මාරකය කේන්ද්‍ර කර ගනිමින් සංචාරක ආකර්ෂණය සහිත ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට ද නියමිතය. මෙම අවස්ථාවට ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ නියෝජිතයින් පිරිසක්, මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉනෝදනී තඹවිට මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ඊට එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook