මහනුවර තෙල්දෙණිය අධ්‍යාපන කලාපයට නව පාසලක් එක්වේ.

මහනුවර තෙල්දෙණිය අධ්‍යාපන කලාපයට නව පාසලක් එක්වේ.

මහනුවර තෙල්දෙණිය අධ්‍යාපන කලාපයට නව පාසලක් එක්වේ. මධ්‍යම පළාත් අධ්‍යාපන ආමාත්‍යාංශය මගින් නව ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක කරනු ලබන පාසල් නගාසිටුවීමේ වැඩසටහන යටතේ වැසීගිය පාසල් නැවත ආරම්භ කිරීමේ ප්‍රවේශය 2024 මාර්තු 06 වන දින මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් තෙල්දෙණිය අධ්‍යාපන කලාපයෙන් ආරම්භ කෙරින. මෙලෙස ආරම්භ කරන ලද්දේ තෙල්දෙණිය අධ්‍යාපන කලාපයට අයත් උඩුදුම්බර අධ්‍යාපන කොට්ඨාශයේ කලවල ප්‍රාථමික විද්‍යාලයයි. දුෂ්කර ගම්මානයක පිහිටි මෙම පාසල 1963 වර්ෂයේදී ආරම්භ කොට ඉතා සාර්ථකව පවත්වාගෙන ගොස් ඇති අතර කාලීනව ඇතිවූ විවිධ හේතු පදනම් කරගෙන වැසීයාමට ලක්වී ඇත්තේ 2013 වර්ෂයේදීය. නැවත වසර 10 කට පසුව නව ව්‍යාපෘතිය යටතේ මප /තෙල්/ කලවල ප්‍රාථමික විද්‍යාලය ආරම්භ කිරීම සිදු වූ අතර මෙදින පාසල වෙත දරුවන් ඇතුලත් කර ගැනීම ද සිදු විය. පාසල සංවර්ධනය සදහා පළමු අදියර යටතේ නව ගොඩනැගිල්ලක් ස්ථාපිත කොට ඇති අතර මේ සදහා රුපියල් මිලියන 4.5 යොදවා ඇත. දෙවන අදියරේ දී පාසල නගාසිටුවීම වෙනුවෙන් රුපියල් මිලියන 7 ක් ද වෙන්කොට පවතී. මෙහිදී පාසලේ කටයුතු සදහා අවශ්‍ය උපකරණ හා භාණ්ඩ ප්‍රධානය කිරීමද සිදු කෙරින. මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එච්.එම්.යු.බී.හේරත් , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස , තෙල්දෙණිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.කේ.තෙන්නකෝන්, පළාත් විගණන අධිකාරි ඩබ්ලිව්.අබේරත්න, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) කේ.ජි.එස්.නිශ්ශංක , උඩුදුම්බර ප්‍රාදේශය ලේකම් ජයමිණි බෝගහවත්ත , උඩුදුම්බර කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ එන්.කේ.රණවිර , උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ ලේකම් ආර්.දිසානායක, පාසලේ වැඩ බලන විදුහල්පති පි.කේ.කපුකොටුව යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් රැසක් සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook