
කෙටි කලකින් ගම නගන්න ලොකු මුදලක්...
කෙටි කලකින් ගම නගන්න ලොකු මුදලක්...
මෙම වර්ෂයේ මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතතන සඳහා පළාත් සභා අරමුදල් යටතේ වෙන්කරන ලද මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන ප්‍රධානීන් දැනුම්වත් කිරීමේ රැස්වීමක් මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.සි. අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් නවයාලතැන්න, පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේදී (12) පැවැත්විණි.
මෙහිදි මෙම සංවර්ධන වැඩසටහන් ඉදිරි මාස හත තුළ ක්‍රියාත්මක කර අවසන් කළ යුතු බව පළාත් පළාත් පාලන කොමසාරිස්වරිය විසින් අවධාරණය කළාය.
2024 වර්ෂය සඳහා මධ්‍යම පළාත් සභාවේ පළාත් පාලන ආයතන වෙනුවෙන් පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ වෙන්කර ඇති මුදල රුපියල් 278,000,000.00 ක් වන අතර ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය, පළාත් පාලන මාර්ග, ප්‍රජා ජල සම්පාදන හා වෙනත් සේවා යන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ලක්මාලි අත්තනායක මහත්මිය, ගණකාධිකාරී ඩබ්.එම්.ජී.ටී.ඒ. බණ්ඩාර යන මහත්වරු ඇතුළු පළාත් පාලන ආයතන ප්‍රධානීන් පිරිසක් සහභාගි වූහ.