මධ්‍යම පළාත හා චීනය ‍අතර සංචාරක සබඳතාවයකට ඇරඹුමක්...

මධ්‍යම පළාත හා චීනය ‍අතර සංචාරක සබඳතාවයකට ඇරඹුමක්...

මධ්‍යම පළාත හා චීනය ‍අතර සංචාරක සබඳතාවයකට ඇරඹුමක්... මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා සහ මහජන වීනයේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ ධූත පිරිසක් හා සමඟ හමුවක් පසුගියදා (12) මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදි පැවැත්විණි. මෙහිදි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා විසින් මහජන චීනයේ ධූත පිරිස සුහදව පිළිගන්නා ලද අතර මධ්‍යම පළාතේ සංචාරක විභවයන් සම්බන්ධයෙන් එම පිරිස දැනුවත් කිරීම සිදු කරන ලදි. එමෙන්ම මධ්‍යම පළාතේ සංචාරක ස්ථාන හා ගමනාන්ත සම්බන්ධයෙන් සකස්කළ පරිගණක හා වාර්තා වැඩසටහනක් ද ප්‍රදර්ශනය කරන ලදි. මෙම සාකච්ඡාව චීන සංචාරකයින් මධ්‍යම පළාත කේන්ද්‍ර කරගෙන මෙරටට ගෙන්වා ගැනිමට සහ අදාළව ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තය පිළිබඳ විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීමේ අරමුණීන් පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූ වීනයේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ සංචාරක මධ්‍යම පළාතේ සංචාරක ගමනාන්ත කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වමින් අදහස් පළ ‍කළේය. මෙම සාකච්ඡාවෙන් පසු ‍ආණ්ඩුකාරතුමන් හා මහජන දීනයේ ධූත පිරිස අතර සමරු සිහිවටන හුවමාරු කර ගැනීම සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා මහජන චීනය නියෝජනය කරමින් බීජිං සංචාරක සමූහයේ (BTG) උප සභාපති Wu Jinmei මහත්මිය, China Comfort Travel Group (CCT) චීන සංචාරක සමූහයේ උප සභාපති, Qu Baoan මහතා, China Comfort Travel Group (CCT) චීන සංචාරක සමූහයේ අධ්‍යක්ෂ Shang Zhengzheng මෙනවිය, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය, මධ්‍යම පළාත් සංචාරක අධ්‍යක්ෂ, ඉනෝදනි තඹවිට මහත්මිය, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල, කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook