සෙංකඩගල වෙසක් කලාපය මෙවරත්

සෙංකඩගල වෙසක් කලාපය මෙවරත්

2024 වසරේ සෙංකඩගල වෙසක් කලාපය මෙවරද උත්කර්ශවත් ලෙස පැවැත්විම සම්බන්ධයෙන් සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යූ.ගමගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී පසුගියදා (27) දින පැවැත්විණි.අස්ගිරි මහා විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, අස්ගිරිය පරිවෙනාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේගේ සහ සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, දර්ශනපති පුජ්‍ය මහවෙල රතනපාල නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි සාකච්ඡාව පැවැත්විණි.පසුගිය වසරේ ද විවිධ බාධක මධ්‍යයයේ වෙසක් කලාපය සාර්ථකව පැවැත්වු බවත්, මේ වන විට රටේහි තත්ත්ය ඇතුලු යහපත් තත්ත්වයක පවතින බැවින්, ඉතා හොඳ සංවිධාන ශක්තියක් මගින්, ආමිස සහ ප්‍රතිපත්ති පුජාවට මුල් තැන දෙමින් මෙම කටයුතු සිදු කළ යුතු බව මධ්‍යම පළාත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යූ.ගමගේ මහතා මෙහිදි සදහන් කළේය.රාජ්‍ය වෙසක් උත්සවයද මෙවර මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන පැවැත්විම සදහා කටයුතු සුදානම් වන බැවින්, ඊට සමගාමිව මහනුවර වෙසක් කලාපයද සාර්ථකව පැවැත්විය යුතු බවද වැඩිදුරටත් සඳහන් කළ ආණ්ඩුකාරවරයා බාධක මධ්‍යයේ වුවද ගිය වර වෙසක් උත්සවය සාර්ථක කර ගැනීම සදහා ලබා දුන් සහාය සම්බන්ධයෙන් ස්තූතිය ද පළ කළේය.මධ්‍යම පළාත් සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතන පාසල් සහ වෙනත් ආයතන රැසකගේ සහභාගීත්වයෙන් සංවිධානය කරනු ලබන සෙංකඩගල වෙසක් කලාපය, මහනුවර නගරය තුළ කලාප දහයකින් යුක්තව මෙවර පැවැත්වේ.සතියක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහන යටතේ පිණ්ඩපාත චාරිකා, වැඩිහිටි සත්කාරක වැඩසටහන්, දන්සැල්, වෙසක් පහන් කූඩූ තරඟ, භක්තී ගී සංදර්ශන, ඇතුළු වැඩටහන් රැසක් මේ යටතේ සංවිධානය කිරීමට නියමිතව ඇත.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, අමාත්‍යාංශ ලේකම්වරුන්, මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක යන නාථ දේවාලයේ බස්නායක නිලමේතුමන්, ශ්‍රී දළදා මාලිගාවේ පරිපාලන ලේකම්තුමන් ඇතුළු අමාත්‍යංශ, දෙපාර්තමෙන්තු ප්‍රධානින් රාජ්‍ය හා වෙළඳ සංවිධාන නියෝජතයින් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook