තමන් කාලයක් තිස්සේ ජීවත්වූ භුමියේ නීතිමය හිමිකම ලබාදීම සදහා ගත් ජනපති තීරණය ඉතිහාසයේ අමරණියම තීන්දුවක් - මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ .

තමන් කාලයක් තිස්සේ ජීවත්වූ භුමියේ නීතිමය හිමිකම ලබාදීම සදහා ගත් ජනපති තීරණය ඉතිහාසයේ අමරණියම තීන්දුවක් - මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ .

තමන් කාලයක් තිස්සේ ජීවත්වූ භුමියේ නීතිමය හිමිකම ලබාදීම සදහා ගත් ජනපති තීරණය ඉතිහාසයේ අමරණියම තීන්දුවක් - මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ . නිරවුල් භූමියක ස්ථිර අයිතිය ලබා දිමේ "උරුමය" වැඩසටහනට සමගාමීව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කරන ලද "සැමට හිමි බිමක්" ඔප්පු ලබාදීමේ වැඩසටහන මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේ දී ඉඩම් හා සංචාරක,ක්‍රිඩා හා ‍යෟවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ග‍මගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 30දා පැවැත්විණි. සංචාරක හා ඉඩම් අමාත්‍යංශය හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව එක්ව සංවිධාන කරන ලද මෙම වැඩසහන අනුව ඉඩම් හිමි නමුත් ස්ථීර ඔප්පු නොමැති පුද්ගලයින් 2707ක් සඳහා ඔප්පු ප්‍රදානය කිරීම සිදුවු අතර මේ යටතේ සිදුවූ අතර විහාරස්ථාන 07ක් සහ රජයේ ආයතන 54ක් සඳහා ද මෙහිදී ඔප්පු හිමිකම් ලැබිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ඉඩම් හිමිකම් නොමැති පවුල් ලක්ෂ 20ක් සඳහා මේ අයුරින් ඔප්පු ප්‍රදානය කිරීම සදහා සැලසුම් කර තිබේ.මෙහිදි අදහස් දැක්වු මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා කියා සිටියේ වසර ගණනාවක් තිස්සේ තමන්ට ඉඩම් හිමිකමක් නොමැතිව ජිවත්වු ජනතාව ඉඩමේ අයිතිය ලබා දිම තමන්ට ජිවිතය ලැබුණා හා සමාන බවත් රට යථා තත්වයට පත්වෙමින් මේ සියලු වැඩසටහන් දියත් තිරිමට වත්මන් ජනපතිවරයා ඇතුලු රජය ක්‍රියා කරන බවත් මෙම ඉඩම් ඔප්පු ලබා දිමට ක්‍රියා කරන අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ඇතුලු සියලු දෙනාට පළාත් සභාවේ කෘතවේදිත්වය පිරිනමන බවද පැවසිය. අධීකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, ඉඩම් හා සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගුණතිලක රාජපක්ෂ, නිතිඥ උදයන කිරිඳිගොඩ, හිටපු පළාත් සභා මන්ත්‍රිනි ශාන්තිනි කෝන්ගහගේ , ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook