හන්තාන පක්ෂී උද්‍යානය දෙවන අදියර විවෘත කෙරේ.

හන්තාන පක්ෂී උද්‍යානය දෙවන අදියර විවෘත කෙරේ.

හන්තාන පක්ෂී උද්‍යානය දෙවන අදියර විවෘත කෙරේ. මහනුවර හන්තානේ ස්ථාපිත මෙරට පළමු විදෙස් පක්ෂී උද්‍යානය සහ පාරිසරික සංචාරක කලාපයේ දෙවන අදියර විවෘත කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (02) සිදු කෙරිණි.හන්තාන තේ කෞතුකාගාර පරිශ්‍රයට යාබදව අක්කර 27ක භූමියකින් යුතු මෙම විදේශීය පක්ෂී උද්‍යානය සහ පාරිසරික සංචාරක කලාපය විදේශීය පක්ෂී වර්ග සියයකට අධික ප්‍රමාණයකින් යුක්තව මෙය ආරම්භ කරන ලදි.දෙවැනි අදිරයේ යටතේ එල්ඊඩි (LED) පැනල් වේදිකාව, ඒටිවි (ATV) බයික් අංගනය, අශ්ව ධාවන පඨය, ජුරාසික් උද්‍යානය, මින් මැදුර, දුනු විදිමේ අංගණය ඇතුලු නව අංග රැසක් විවෘත කෙරිණි.මෙම විදෙස් කුරුළු උද්‍යානය හා පාරිසරික සංචාරක කලාපයේ පළමු අදියර දෙස් විදෙස් සංචාරකයන්ට විදෙස් පක්ෂීන් නැරඹීමේ පහසුකම්, සත්ව විද්‍යා සිසුන් සඳහා අධ්‍යාපනික පුහුණු මධ්‍යස්ථානයක්, පක්ෂි අනාථාගාරයක්, පක්ෂී උපස්ථාන හා නිරෝධායන ඒකකයකින් යුක්ත වේ.විදෙස් පක්ෂීන් බිහිකිරීම හා අපනයනය කිරීමේ ඒකකයක්, පාසල් සිසුන් සඳහා අධ්‍යාපනික හා විනෝද මධ්‍යස්ථානයක්, ස්වාභාවික පක්ෂී අධ්‍යයන මධ්‍යස්ථානයකින් ද මෙම උද්‍යානය සමන්විත වේ. එමෙන්ම දුර්ලභ ගණයේ පක්ෂි විශේෂයක් වන එමෝ නම් පක්ෂි විශේෂය ඇතුළු විශේෂ රාශියක් දැක ගැනීමේ අවස්ථාව සැලසේ.මෙම විවෘත කිරීමේ අවස්ථාවට මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන්, මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක යන හන්තාන පක්ෂි උද්‍යානය සහ පාරිසරික සංචාරක කලාපයේ සභාපති නිශාන්ත කෝට්ටේගොඩ මහත්වරුන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook