මැදදුම්බර ප්‍රාදේශීය සභා වෙළද සංකිර්ණය ජනතා අයිතියට.

මැදදුම්බර ප්‍රාදේශීය සභා වෙළද සංකිර්ණය ජනතා අයිතියට.

මැදදුම්බර ප්‍රාදේශීය සභා වෙළද සංකිර්ණය ජනතා අයිතියට. මැදදුම්බර ප්‍රාදේශීය සභා වෙළද සංකිර්ණය ජනතා අයිතියට පත් කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 03 දින තෙල්දෙණිය නගරයේදී සිදු කෙරිණ. මහවැලි ව්‍යාපාරය යටතේ වික්ටෝරියා ජලාශය ඉදිකිරීමේදී එවකට පැවති තෙල්දෙණිය නගරය ජලයෙන් යටවීම හා ඒ වනවිට එහි පදිංචි වී වෙළදාමේ නිරතව සිටි මුල් ජනපදිකයින්ගේ පවුල්වල සාමාජිකයින් වෙත වෙළද සංකීර්ණයේ කඩ කාමර සදහා ගිවිසුම් පත්‍ර ලබාදීම සිදුවීම විශේෂත්වයකි. දීර්ඝ කාලයක් තිස්සේ විවිධ හේතුන්මත අතරමග ඉදිකිරීම් අත්හිටුවා පැවති මෙම වෙළද සංකීර්ණයේ පළමු අදියර යටතේ බිම් මහලේ පිහිටි කඩ කාමර 15ක් වෙනුවෙන් වන ගිවිසුම් පත්‍ර ලබාදීම මෙහිදී සිදුවිය. මැදදුම්බර ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට නාලන්දා බෞද්ධ විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය කැටකුඹුරේ ධම්මානන්ද ස්වාමින් වහන්සේ, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න , හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්‌ , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ ,ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් , පළාත් පාලන නියෝජ්‍ය කොමසාරිස් ඒ.ඩබ්ලිව්.ජී.එල්.අත්තනායක , මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් නුවන් සී හේමකුමාර , මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ ලේකම් චාමින්දි අමදෝරු ,වෙළද සංගමයේ සභාපති අසංක දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook