බක් මහේ මහා අලෙවි හා වෙළඳ ප්‍රදර්ශනය අද සිට.

බක් මහේ මහා අලෙවි හා වෙළඳ ප්‍රදර්ශනය අද සිට. මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ විසින් සංවිධානය කළ බක් මහේ මහා අලෙවි හා වෙළඳ ප්‍රදර්ශනය අද (08) මහනුවර, බෝගම්බර පැරණි බන්ධනාගාරයේ උද්‍යාන පරිශ්‍රයේදී ආරම්භ විය.මෙම අලෙවි ප්‍රදර්ශනය මධ්‍යම පළාත් කලාපීය ආර්ථක සංවර්ධන ආයතනයේ සභාපති ජානක සකලසූරීය මහතාගේ ප්‍රධානත්වයෙන් වීවෘත කෙරිණි.මධ්‍යම පළාතේ ව්‍යවසායකයින්ට තම නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා සංවිධානය කළ මෙම අලෙවි ප්‍රදර්ශනය සඳහා ව්‍යවසායකයින් සියයකට අධික පිරිසකගේ කුටි අසුවකින් සමන්විත වන අතර ප්‍රදර්ශනය ලබන අප්‍රේල් මස 10 වැනි දින දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා විවෘතව පවති.මෙම වෙළඳ ප්‍රදර්ශනයේදී නිමි ඇඳුම්, රෙදිපිළි වර්ග, ආහාර පාන, කැවිලි වර්ග, මල්පැල, පාවහන්, බෑග් වර්ග හා අතකම් නිෂ්පාදන රැසක් නිෂ්පාදන රැසක් පහසුමිලට, නිෂ්පාදකයිගෙන්ම මිලදී ගැනීමට අවස්ථාව සලසා තිබේ.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන ලංකා බැංකුවේ මධ්‍යම පළාත් මහා කළමනාකාරු, සරත් විජේසිංහ, මහවැලි රීච් හෝටලයේ, නේවාසික කළමනාකරු රොඩ්නි ආම්ස්ට්‍රෝන්, යන මහත්වරුන් සහ සහකාර අධ්‍යක්ෂිකා එන්.ඩබ්ලිව්. ලක්ෂ්මී මහත්මිය ඇතුළු ව්‍යවසායකියන් පිරිසක් සහභාගී වූහ

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook