
හිස තෙල් ගැල්වීමේ මධ්‍යම පළාත් රාජ්‍ය උත්සවය ඓතිහාසික නාථ දේවාලය පරිශ්‍රයේදී.
හිස තෙල් ගැල්වීමේ මධ්‍යම පළාත් රාජ්‍ය උත්සවය ඓතිහාසික නාථ දේවාලය පරිශ්‍රයේදී.
හිස තෙල් ගැල්වීමේ මධ්‍යම පළාත් රාජ්‍ය උත්සවය සියම් මහානිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් මහනුවර ඓතිහාසික නාථ දේවාල පරිශ්‍රයේදී (15)පෙරවරු 10.17ට යෙදුණු සුභ මොහොතින් දකුණු දිශාව බලා හිස තෙල් ගැල්වීම සිදු විය.
මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිත සිරි හිමි, අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඩරුවේ උපාලි හිමි, අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි ඇතුළු මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් හිස තෙල් ගැල්වීම සිදුවිය.
එම නැකතට ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් කණ්ඩුල සහ මිගාර ඇතුන්ගේ හිස තෙල් ගැල්වීම ද එහිදී සිදුවිය.
හිස තෙල් ගැල්වීමේ මහෝත්සවය සඳහා සැදැහැවතුන් විශාල පිරිසක් එක්ව සිටි අතර මධ්‍යම පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරී මහතාගේ උපදේශකත්වයෙන් මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා.
මෙම අවස්ථාව සඳහා නාථ දේවාල බස්නායක නිළමේ එස්. ඩී බණ්ඩාරනායක මහතා, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මධ්‍යම පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ජයන්ත හේරත් මහතා, මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක, ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් සම්පත් බණ්ඩාර ජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.