වේඩරුව ග්‍රාමයේ ක්‍රියාත්මක වන විශේෂ වාරිමාර්ග හා  කෘෂිකර්ම ව්‍යාපෘති මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ නිරීක්ෂණයට .

වේඩරුව ග්‍රාමයේ ක්‍රියාත්මක වන විශේෂ වාරිමාර්ග හා කෘෂිකර්ම ව්‍යාපෘති මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ නිරීක්ෂණයට .

වේඩරුව ග්‍රාමයේ ක්‍රියාත්මක වන විශේෂ වාරිමාර්ග හා කෘෂිකර්ම ව්‍යාපෘති මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ හා පළාත් කෘෂිකර්ම ලේකම් චන්දන වික්‍රමසූරිය යන මහත්වරුන්ගේ ( 19) නිරීක්ෂණයට. මෙම ඒකාබද්ධ ක්ෂෙත්‍ර නිරීක්ෂණය සදහා පළාත් සුළු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ , මහනුවර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ , සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ , කෘෂිකර්ම අමාත්‍යාංශයේ සැලසුම් නියෝජ්‍ය අධ්‍යක්ෂවරු ඇතුළු නිලධාරීන් සහභාගි වන ලදී.. එමෙන්ම මෙම ක්ෂෙත්‍ර නිරීක්ෂණයට ප්‍රථම ,පළාත් ප්‍රධාන ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් වේඩරුව රජමහා විහාරස්ථානයේ දී ගම්වාසීන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී. එහිදී වේඩරුව ගම්මානයේ පවතින සංවර්ධන අවශ්‍යතා හදුනාගත් අතර ප්‍රධාන ලේකම් විසින් එම අවශ්‍යතා සපුරාලීමට සුදුසු ව්‍යාපෘති යෝජනා සකස් කර මුදල් කොමිෂන් සභාව වෙත යොමු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ප්‍රධාන ලේකම් කාර්‍යාලයේ සැලසුම් අංශයේ නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook