තරුෂි එක්සත් අරාබි එමීර් - ග්‍රෝන් ෆ්‍රී  මලල ක්‍රිඩා තරගාවලියට.

තරුෂි එක්සත් අරාබි එමීර් - ග්‍රෝන් ෆ්‍රී මලල ක්‍රිඩා තරගාවලියට.

තරුෂි එක්සත් අරාබි එමීර් - ග්‍රෝන් ෆ්‍රී මලල ක්‍රිඩා තරගාවලියට. මධ්‍යම පළාතේ මෙන්ම ශ්‍රී ලංකාවාසීන්ගේ මලල ක්‍රීඩාවේ බලාපොරොත්තුව වන පාසල් සිසුවියක්ව සිටියදීම පසුගිය වසරේදී මීටර් 800 කාන්තා ඉසව්වෙන් ආසියානු ක්‍රිඩා උළෙලේ දී , ආසියානු ශූරතා මලල ක්‍රීඩා උළෙලේදී හා ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල යන ප්‍රධානතම අන්තර්ජාතික මලල ක්‍රිඩා තරගාවලි තුනකදීම පිට පිටම රන් පදක්කම් දිනා ගත්, මේ වන විට 19 හැවිරිදි වියේ පසු වන තරුෂි දිල්සරා කරුණාරත්න එක්සත් අරාබි එමීර් - ග්‍රෝන් ෆ්‍රී මලල ක්‍රිඩා තරගාවලිය සදහා සුදුසුකම් ලබාගෙන ඇත. තරුෂි අවසන් වරට මීටර් 800 (කාන්තා) ඉසව්ව සඳහා තරග වැදී ඇත්තේ පසුගිය ඔක්තෝබර් 4 වැනිදා වන අතර ඒ චීනයේ හංජෝ නුවරදී පැවති තරගාවලිය සදහායි. එහිදී විනාඩි 2 තත්පර 03.20ක් වාර්තා කරමින් ඇය රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. එම තරගාවලියෙන් පසුව පළමු වරට ජාත්‍යන්තර තරගාවලියක් සදහා තරුෂි යොමුවන්නේ මෙම තරගාවලිය සදහා වේ. තරුෂි මීටර් 800 ඉසව්වෙන් මෙතෙක් වාර්තා කළ හොඳම දක්ෂතාව වන්නේ විනාඩි 2 තත්පර 00.66 කි. එය 2023 වර්ෂයේ දී පිහිටුවා ඇති අතර , එය ආසියානු ශූරතා තරග වාර්තාව ද වේ. මේ වසරේ පැවැත්වෙන පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර් 800 ඉසව්ව සදහා නිර්දේශය ලබා ගැනීම වෙනුවෙන් අවම වශයෙන් විනාඩි 1 තත්පර 59.30ක දක්ෂතාවයක් පෙන්නුම් කළ යුතු වේ. එමෙන්ම මේ දිනවල මලල ක්‍රීඩාවෙන් විශේෂ දක්ෂතා දක්වා ඉදිරියෙන් ම සිටින මලල ක්‍රිඩක ක්‍රිඩිකාවන් සිවු දෙනෙකු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඩුබායි නුවරදී මැයි 3 වැනි දා ආරම්භ වෙන එක්සත් අරාබි එමීර් - ග්‍රෝන් ෆ්‍රී මලල ක්‍රිඩා තරගාවලියට සහභාගි වීමට නියමිතය. ඒ අතර නදිෂා රාමනායක මීටර් 400 කාන්තා ඉසව්වෙන් , යුපුන් අබේකෝන් මීටර් 100 පිරිමි ඉසව්වෙන්, තරුෂි දිල්සරා කරුණාරත්න සහ ගයන්තිකා අබේරත්න මීටර් 800 කාන්තා ඉසව්ව නියෝජනය කිරීම වෙනුවෙන් සිදුසුකම් ලබාගෙන ඇත. මෙම සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්හට දක්ෂතාවය ලගාකර ගැනීමට මෙන්ම එය වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකා නාමය මලල ක්‍රීඩාවෙන් ලොව බබලවන්නට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනය කරන්නෙමු. මෙම තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ පුහුණුකරුවන් ලෙස ප්‍රවීන මලල ක්‍රීඩා පුහුණුකරු මහනුවර වත්තේගම අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යපාන අධ්‍යක්ෂ (ක්‍රීඩා හා ශාරීරික අභ්‍යාස ) සුසන්ත ප්‍රනාන්දු හා ටී.එම්.ජී. තුෂාර යන අය නම්කර ඇත.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook