
නිපුණත්වය ලද වෘත්තීය පුහුණුලාභීන් ඇගයේ .
නිපුණත්වය ලද වෘත්තීය පුහුණුලාභීන් ඇගයේ .
මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා සහතිකපත් පිරිනැමීමේ උත්සවයක් එම දෙපාර්තමේන්තුවේ මහනුවර වටපුළුව, උසස් පුහුණු ආයතනයේදී (02) පැවැත්විණ.
මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබුණි.
මෙහිදී මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක දැව හා ලෝහ තාක්ෂණය, මෝටර් කාර්මික, පරිගණක තාක්ෂණය හා උසස් ලුහු ඉංජිනේරු යන පාඨමාලා හැදෑරූ සිසුන් දෙසීයකට අධික පිරිසකට සහතික පත්‍ර ප්රදානය කිරීම සිදුකරන ලදී.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ පළාත් අධ්යක්ෂ උදාර කොන්සිවත්ත, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්යක්ෂ සැලසුම් සමිත දුනුකේපොත මහතා, නියෝජ්‍ය අධ්යක්ෂ ජයශ්‍රීනී අමරකෝන් මහත්මිය ඇතුළු නිලධාරීන්හා පුහුණුලාභීන් පිරිසක් සහභාගී වූහ.