වන්දනාවට විවෘත වන මෙරට විශාලතම මෙත් බෝසත් ප්‍රතිමාව

වන්දනාවට විවෘත වන මෙරට විශාලතම මෙත් බෝසත් ප්‍රතිමාව

වන්දනාවට විවෘත වන මෙරට විශාලතම මෙත් බෝසත් ප්‍රතිමාව මහනුවර, පූජාපිටිය, දිවානවත්ත ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ අභිනවයෙන් ඉදි කරන ලද ශ්‍රී ලංකාවේ විශාලතම මෛත්‍රී බෝසත් පිළිම වහන්සේගේ ප්‍රතිමාව විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ , මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සුභ මෙහොතින් අද (20) සිදු කෙරිණි.පූජාපිටිය, දිවානවත්ත ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරාධිපති විහාරාධිපති උඩරට අමරපුර ශාසන ජෝතික පාර්ශවයේ මධ්‍යම පළාත් ප්‍රධාන සංඝනායක රාජාංගනයේ සෝරත හිමියන්ගේ අනුශාසනා පරිදි ප්‍රතිමාව ඉදි කර ඇත. උස අඩි 34ක් උසැති මෙම ප්‍රතිමා වහන්සේ, රුපියල් මිලියන 08ක වියදමින් ඉදිකොට ඇති මෙම ප්‍රතිමාව නිර්මාණය කොට ඇත්තේ ප්‍රවීණ වාස්තු නිර්මාණ ශිල්පී ඩබ්ලියු.එම්. ආරියරත්න කලාකරුවා විසිනි. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් සහ ප්‍රදේශවාසී පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය මෙම ප්‍රතිමාව ඉදිරි කිරීම සදහා ලබා දී ඇත. පිළිමය විවෘත කිරිමේ අවස්ථාවට සමගාමීව මෙත් බෝ වන්දනා ග්‍රන්ථය දොරට වැඩුම සිදු කෙරුණු අතර පූජ්‍ය බටගල්ලේ ධම්මරතන හිමි සහ පූජ්‍ය දියසෙන්පුර විනීත හිමියන්ගේ සහභාගීවයෙන් පස්වරුවේ බෝධි පූජාවක් ද පැවැත්විණි.මෙම අවස්ථාව සඳහා උඩරට අමරපුර ශාසන ජෝතික මහා නිකායේ මහානායක, ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝ නායක, පේරාදෙණිය සුබෝධාරාම විහාරස්ථානයේ විහාරාධිපති වත්තේගම ධම්මාවාස හිමියන් ඇතුළු මහා සංඝරත්නය, පාර්ලීමේන්තු මන්ත්‍රීවරුන් වන නීතීඥ උදයන කිරිඳීගොඩ, මහාචාර්ය රංජිත් බණ්ඩාර, නාමල් රාජපක්ෂ, යදාමිණි ගුණවර්ධන යන මහත්වරුන්, මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් වෛද්‍ය අතීරා එස්, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, විහාරස්ථ දායක සභාවේ සාමාජිකයින් ඇතුළු ප්‍රදේශවාසින් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook