පේරාදෙණිය ගැටඹේ වෙසක් කලාපයට සමගාමීව  ආගමික වැඩසටහන් රැසක් .

පේරාදෙණිය ගැටඹේ වෙසක් කලාපයට සමගාමීව ආගමික වැඩසටහන් රැසක් .

ශ්‍රී බුද්ධ වර්ෂ 2568 වන ත්‍රිවිධ බුද්ධ මංගල්‍යය සිහිපත් කරමින් ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයේදී පේරාදෙණිය ගැටඹේ වෙසක් කලාපයට සමගාමීව ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ. වෙසක් පුන් පොහෝ දිනයේදි (23) ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා, ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා ඇතුළු ආගමික වැඩසටහන් රැසක් පැවැත් වේ. පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය අනුනායක කැප්පිටියාගොඩ සිරිවිමලාභිධාන මහා ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ. වෙසක් පුන් පොහෝ දින බුද්ධ පූජා රත්නත්‍රය වන්දනා කිරීම මෙහෙයවීම,රාජෝපවනාරාමවාසී ගම්පොළ රන්තැටිය සිරි සුමනජෝති විද්‍යාතනයේ පරිවේනාධිපති පූජ්‍ය ගාල්ලේ සිරිසුධම්ම ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලද අතර, පොහෝ දින ධර්මානුශාසනාව පේරාදෙණිය සුබෝධාරාමවාසි, ශ්‍රී ඥානාලංකාර භික්ෂු අධ්‍යාපන ආයතනයේ පරිවෙනාධිපති, රාජකීය පණ්ඩිත පූජ්‍ය දැරණියගල ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින් සිදු කරන ලදී. භාවනා වැඩසටහන්, බුද්ධ පූජා පින්කම්, “බුදුදහම ලොවක් සැනසූ දහමකි” මැයෙන් ධර්ම සාකච්ඡාව, විදුලි ආලෝක පූජාව න්, අපවත් වී වදාළ මහා ස්වාමීන් වහන්සේලා සිහිපත් කරමින් ගුණානුස්මරණය පින්කම, ඇතුළු ආගමික ශාසනික උන්නතිය වෙනුවෙන් මෙන්ම ධාර්මික ජීවිතයකට පදනමක් ලබා දෙන වැඩසටහන් රැසක් මෙම වෙසක් සතියට සමගාමීව ක්‍රියාත්මක කෙරේ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook