මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතියේ පාර්ශවකරුවන්  දැනුවත් කිරීමේ වැඩසටහනක්

මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතියේ පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතියේ පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 28 දින මහනුවර ගැටඹේ ඔක්රේ හෝටලයේදී පැවැත්විණ. නගරයේ පවතින දැඩි සාමාජිය හා පාරිසරික ගැටළු වලට විසදුම් ලබාදීමත් ,පොදු ජනතාවට ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ලබාදීම මෙම ව්‍යාපෘතියෙන් අපේක්ෂිතය. මෙහිදී නවීන තාක්ෂනය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදිවෙන දැවැන්තම බහුවිද ප්‍රවාහන පර්යන්තයේ ක්‍රියාකාරිත්වය හා සැලසුම් පිළිබදව පාර්ශවකරුවන් දැනුවත් කිරීම මෙහිදී සිදුකළ අතර පාර්ශවකරුවන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගැනීම ද සිදුවිය. විදේශීය අත්දැකීම් ද සමගින් මගී ජනතාවට වඩා සුවපහසු හා ආරක්ෂා සහිත කාර්යක්ෂම සේවාවන් රැසක් මෙමගින් ලබාදීමට සැලසුම් කොට පවතී. 2011 හා 2016 වර්ෂවලදී විශ්වවිද්‍යාල රැසක් එක්ව සිදුකරන ලද අධ්‍යනයන්හි ප්‍රථිපල මත පදනම්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර දිනකට මහනුවර නගරයට පිවෙසෙන 5000 අදික වූ බස්රථ ගමන්වාර ප්‍රමාණය නිසිලෙස කළමනාකරණය කරගැනීම මෙහි ප්‍රමුඛ අරමුණකි. මෙම පර්යනත්යට ඇතුළුවන බස් රථ මනාව පාලනය කිරීමටත් , සම්මත අධීක්ෂණ ක්‍රම මගින් බස්රථ කාර්ය මණ්ඩලය හැසිරවීමටත් , බස්රථ මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් මෙමගින් හැකිවනු ඇත. මෙම ප්‍රයන්තය තුළ පොරොත්තු බස්රථ 150 පමණ නවතා තැබීමට ද හැකියාව පවතී. මහනුවර නගරයට ඇතුළුවන සෑම මගියෙකුටම එක හා සමාන ප්‍රතිලාභ භුක්තිවිදීමට අවස්ථාව උදාකිරීමේ අරමුණ ඇතිව මෙම බහුවිද ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතියේ මුඛ්‍ය පරමාර්ථය වේ. “රටක් පොහොසත්ද යන්න තීරණය කරන්නේ ඒ රටේ මිනිසුන් භාවිතා කරන පෞද්ගලික කාර් ප්‍රමාණය මත නොව , මිනිසුන් භාවිතා කරන පොදු ප්‍රවාහන සේවාවන් ප්‍රමාණය මතය”. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය , මාර්ග සංවර්ධන අධිකාරිය යන ආයතන මගින් සංවිධානය කොට පැවති මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සදහා ලෙස රාජ්‍ය හා පෞද්ගලික ආයතන , සිවිල් සංවිධාන ඇතුළු පාර්ශවකරුවන් රැසක් සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook