
හින්දු දහම් පාසල් ගුරුවරුන්ගේ ඉගැන්වීමේ කුසලතා වර්ධනය කිරීම වැඩසටහනක්
මධ්‍යම පළාතේ හින්දු දහම් පාසල් ගුරුවරුන්ගේ ඉගැන්වීමේ කුසලතා වර්ධනය කිරීම වැඩසටහනක් පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොටගල, ඌටන් ශ්‍රී මුත්තුමාරිඅම්මාන් ශාලාවේදී පැවැත්විණ.
මධ්‍යම පළාත් කෘෂිකර්ම හා හින්දු සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සදහා දහම් පාසල් ගුරුවර ගුරුවරියන් 175 දෙනෙකුගේ සහභාගී විය.
මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරු උපදේශක (හින්දු ආගම) ඒ.දමයන්ති මහත්මියගේ හා විශ්‍රාමික ගුරු උපදේශක සහ හින්දු ආගම සම්බන්ධව වසර ගණනාවක සම්මාන රැසකට හිමිකම් කියන ඒ.රාජේන්ද්‍රන් මහතා විසින් ලබාදෙන ලදි. වැඩමුළුව අවසානයේ සහභාගී වූ සියලුම ගුරු මහත්ම මහත්මීන් වෙත සහතික පත්‍ර ලබාදීම ද සිදු කරන ලදී.
මධ්‍යම පළාත් කෘෂිකර්ම හා හින්දු සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් චන්දන වික්‍රමසුරිය මහතාගේ උපදෙස් මත , කටයුතු හින්දු සංස්කෘතික අංශයේ සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) ඩී.එම්. ශීලා මැණිකේ මහත්මිය හා සංවර්ධන නිලධාරී ආර්. මධූරි, මානෙල් අඟුලාගොඩවත්ත යන මහත්මීන්ගේ සම්බන්ධීකරණයෙන් තලවාකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරී ස්ටීෆන් මහතාගේ සහයෝගයෙන් මෙම වැඩසටහන සංවිධානය වී පැවතුනි.