වතුකරයේ ඉගෙනුම් නංවාලීමේ නව වැඩපිළිවෙලක් මැදරටින්.

වතුකරයේ ඉගෙනුම් නංවාලීමේ නව වැඩපිළිවෙලක් මැදරටින්.

වතුකරයේ ඉගෙනුම් නංවාලීමේ නව වැඩපිළිවෙලක් මැදරටින්. හැටන් අධ්‍යාපන කලාපයේ අධ්‍යාපනික කටයුතු විධිමත් කිරීම සහ ශක්තිමත් කිරීම අරමුණු කොට වතුකරයේ දුෂ්කර පාසල් සඳහා ඉගැන්වීමේ ක්‍රියාවලියට උපාධිධාරීන් ගේ සේවය සම්පත්දායකයින් ලෙස ලබා ගැනීමේ වැඩසටහනක් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාවට නංවයි . ඒ සදහා වන අවබෝධතා ගිවිසුම් ගත වීමේ උත්සවයක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (29) පැවැත්විණි. මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ පුර් න අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ ජාත්‍යන්තර වෛද්‍ය සෞඛ්‍ය ආයතනයේ සහයෙන් (International Medical Health Organisation -IMHO) සහ මනිදනේයම් යන ආයතනවල අනුග්‍රහය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි. මෙහිදී හැටන් අධ්‍යාපන කලාපයේ පාසල් හතළිහක පවතින ගුරුහිඟයට විසඳුමක් ලෙස ඉගැන්වීමේ ක්‍රියාවලිය සදහා මෙම සම්පත් දායකයින් වර්ෂයක කාලයක් සඳහා පාසල් සදහා අනුයුක්ත කෙරේ. මේ යටතේ දමිළ මාධ්‍ය සම්පත් දායකයින් 39 දෙනෙකු ද සිංහල මාධ්‍ය සම්පත්දායකයින් 11ක් වශයෙන් 50 දෙනෙකු සම්මුඛ පරීක්ෂණයකින් තෝරා ගනු ලැබූ අතර, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය හා ගිවිසුම් ගතව හැටන් අධ්‍යාපන කලාප කාර් යාලයේ උපදෙස් හා සමීප අධීක්ෂණය යටතේ පාසල් අධ්‍යයන කටයුතු සදහා යොදා ගැනේ. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත්, හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්. විජේන්ද්‍රන්, ජාත්‍යන්තර වෛද්‍ය සෞඛ්‍ය ආයතනයේ ව්‍යාපෘතිය අධ්‍යක්ෂ කේ. විග්නේෂ්වරන්, වතු ප්‍රදේශ සම්බන්ධීකාරක එන්.පී. චන්ද්‍රසේකරන් යන මහත්වරුන් අමාත්‍යාපනයේ සහකාර ලේකම් ඇතුළු නිලධාරින් ඇතුළු පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook