දස වසරක ආදර්ශය, ගලහ ආදර්ශ  විද්‍යාලය.

දස වසරක ආදර්ශය, ගලහ ආදර්ශ විද්‍යාලය.

දස වසරක ආදර්ශය, ගලහ ආදර්ශ විද්‍යාලය. මහනුවර අධ්‍යාපන කලාපයේ ගලහ ආදර්ශ විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය සහ විද්‍යාලීය දසවන සංවත්සරය සැමරීමේ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී (29) පැවැත්විණි. මෙම උත්සවයට සහභාගි වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවතුමන් ඇතුළු ආරාධිතයින් විසින් විද්‍යාලීය භූමියේදී රුක් රෝපණය කීරීම ද සිදු කරන ලදී. මෙහිදී විද්‍යාලයේ දස්කම් දැක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා සහ ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා දායක වූ ගුරුභවතුන් ඇගයීම ද සිදු කෙරිණි. මෙහිදී අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමන් ජාති, ආගම්, කුල ආදී භේදයන් ඉවතලා ශ්‍රී ලාංකික හැඟීමෙන් කටයුතු කළ යුතු කාලය ඵළඹ ඇති බවත්, සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස සිතිය යුතු කාලය එළඹී ඇති බවත් සඳහන් කළේය. මෙම අවස්ථාව ආණ්ඩුකාර සම්බන්ධකරණ ලේකම් කිත්සිරි ලියනගමගේ මහතා, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ මහත්මිය, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ.ආර්.එම්. අමීන් මහතා, විද්‍යාලයේ විදුහල්පති එම්.ඒ. ෆොරෝසියා මහත්මිය ඇතුළු ගුරුභවතුන්, සිසු දරුවන් පාසල් සංවර්ධන සමිතියේ සාමාජිකයන් සහ පරිත්‍යාගශීලීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.දස වසරක ආදර්ශය, ගලහ ආදර්ශ විද්‍යාලය.... මහනුවර අධ්‍යාපන කලාපයේ ගලහ ආදර්ශ විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය සහ විද්‍යාලීය දසවන සංවත්සරය සැමරීමේ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී (29) පැවැත්විණි. මෙම උත්සවයට සහභාගි වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවතුමන් ඇතුළු ආරාධිතයින් විසින් විද්‍යාලීය භූමියේදී රුක් රෝපණය කීරීම ද සිදු කරන ලදී. මෙහිදී විද්‍යාලයේ දස්කම් දැක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා සහ ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා දායක වූ ගුරුභවතුන් ඇගයීම ද සිදු කෙරිණි. මෙහිදී අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමන් ජාති, ආගම්, කුල ආදී භේදයන් ඉවතලා ශ්‍රී ලාංකික හැඟීමෙන් කටයුතු කළ යුතු කාලය ඵළඹ ඇති බවත්, සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස සිතිය යුතු කාලය එළඹී ඇති බවත් සඳහන් කළේය. මෙම අවස්ථාව ආණ්ඩුකාර සම්බන්ධකරණ ලේකම් කිත්සිරි ලියනගමගේ මහතා, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ මහත්මිය, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ.ආර්.එම්. අමීන් මහතා, විද්‍යාලයේ විදුහල්පති එම්.ඒ. ෆොරෝසියා මහත්මිය ඇතුළු ගුරුභවතුන්, සිසු දරුවන් පාසල් සංවර්ධන සමිතියේ සාමාජිකයන් සහ පරිත්‍යාගශීලීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook