අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සඳහා තාවකාලිකව සිසුන් ඈතුළත් කර ගැනීමේ ජාතික වැඩසටහන නාමිණිඔය මධ්‍ය මහා විද්‍යාලයේදි .

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සඳහා තාවකාලිකව සිසුන් ඈතුළත් කර ගැනීමේ ජාතික වැඩසටහන නාමිණිඔය මධ්‍ය මහා විද්‍යාලයේදි .

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සඳහා තාවකාලිකව සිසුන් ඈතුළත් කර ගැනීමේ ජාතික වැඩසටහනට සමගාමී මධ්‍යම පළාත් උත්සවය විල්ගමුව අධ්‍යාපන කලාපයේ නාමිණිඔය මධ්‍ය මහා විද්‍යාලයේදි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ (04) ප්‍රධානත්වයෙන් පැවත්විණි. මෙම වැඩසටහන යටතේ 1 ab වර්ගයේ පාසලක් වන නාමිණිඔය මධ්‍ය මහ විද්‍යාලයේ උසස් පෙළ අධ්‍යයන කටයුතු වෙනුවෙන් තාක්ෂණ අංශය සඳහා 133 ක්, කළා අංශය 83ක්, විද්‍යා අංශය 32ක්, ගණිත අංශය 21ක් සහ වාණිජ අංශය 24 බැගින් සිසුන් 303 ක් තෝරාගෙන ඇත. එමෙන්ම ඉංග්‍රීසි මාධ්‍ය විෂය හැදැරීමේ අවස්ථාව ලබාදීමටත් සහ මෙම විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ අළුත්වැඩියා කිරීම වෙනුවෙන් සදහා රුපියල් මිලියන මිලියන 03 ක මුදලක් වෙන් කිරීමට ද මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශය විසින් කටයුතු කර ඇත. මෙහිදි අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා, අතිතයේ ගුරුවරයා කෙරෙිහි සුභවාදි ආකල්පයක් තිබුණත් වර්තමානයේ ‍දරුවන්ට මෙන්ම දෙමපියන්ටද ගුරුවරුන් කෙරෙහි එම විශ්වාසය පවතිනවා ද යන කාරණය බරපතල ගැටළුවක් බවට පත්වී තිබෙන බව කිවේය. මෙසේ විශ්වාසය ගිලිහී යාම නිසා අද දරුවන් සාමාන්‍යපෙළ අවසන් වූ පසු වෙනත් රැකියා කරා ගමන් කිරීම හෝ උසස් පෙළ උපකාරක පන්ති සඳහා ජනප්‍රිය ගුරුවරුන් සොයා යාම සිදුවී තිබෙන බවත් එය වෙනස් කළ යුතු කාලය එළඹ ඇතැයි ද, අද රජයක් ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා ගනු ලැබු මෙම ක්‍රියා මාර්ගය ගැන සතුටු විය හැකි බවත් පැවසීය. මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ‍මේනක හේරත්, විල්ගමුව කලාප අධ්‍යපන අධ්‍යක්ෂ එම්.පී.කරුණාරත්න, නාමිණිඔය මධ්‍ය මහ විද්‍යාලය විදුහල්පති එච්. ජී කුලතුංග යන මහත්වරුන් ඇතුළු ගුරු භවතුන්, දෙමාපියන් සහ සිසු දරුවන් පිරිසක් එක් වූහ

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook