මධ්‍යම පළාත් අභ්‍යන්තර විගණන නිලධාරී තුන්වන ශ්‍රේණියේ සඳහා සීමිත පදනම යටතේ බඳවා ගැනීම සම්බන්ධ සාකච්ඡාවක්

මධ්‍යම පළාත් අභ්‍යන්තර විගණන නිලධාරී තුන්වන ශ්‍රේණියේ සඳහා සීමිත පදනම යටතේ බඳවා ගැනීම සම්බන්ධ සාකච්ඡාවක්

මධ්‍යම පළාත් අභ්‍යන්තර විගණන නිලධාරී තුන්වන ශ්‍රේණියේ සඳහා සීමිත පදනම යටතේ බඳවා ගැනීම සම්බන්ධ සාකච්ඡාවක් මහනුවර මහනුවර ආණ්ඩුකාර කාර්යාලිය ශ්‍රවණාගාරයේදී (06) පැවැත්විණී. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව පැවැත්විය. මධ්‍යම පළාත් අභ්‍යන්තර විගණන නිලධාරී III ශ්‍රේණියේ සඳහා සීමිත පදනම යටතේ බඳවා ගැනීම සම්බන්ධ පවතින ගැටලු හා ඒ සඳහා ලබාදිය යුතු විසඳුම් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් මෙහිදි සාකච්ඡා කරන ලද අතර එසේ ලබාගත් තීරණ පිළිබඳව නිර්දේශයන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර තුමන් වෙත යොමු කිරීමට කටයුතු කෙරේ. මීට සමගාමීව මධ්‍යම පළාත් රාජ්‍ය කළමනාකරන සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීම ද සිදුවිණි. මෙම අවස්ථාව සඳහා මධ්‍ය පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් කුමුදුනි එස්. ප්‍රේමචන්ද්‍ර, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් පිරිස් හා පුහුණු සී.කේ අමරකෝන්, පළාත් විගණන අධ්‍යක්ෂ ඒ.එම්.පී.එම්. අත්තනායක, පළාත් පිරිස් පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ තිලිණි දෙහිගොල්ල, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සහකාර ලේකම් සම්මානී විජේසූරිය, රාජ්‍ය කළමනාකරන සේවා නිලධාරි සහ රාජ්‍ය පළාත්-රාජ්‍ය සේවා කළමනාකරණ සේවා නිලධාරී වෘත්තීය සංගම්වල නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook