ශිෂ්‍යත්ව දරුවන්ගේ දෙමාපියන්ට වැඩමුළුවක්.

ශිෂ්‍යත්ව දරුවන්ගේ දෙමාපියන්ට වැඩමුළුවක්.

ශිෂ්‍යත්ව දරුවන්ගේ දෙමාපියන්ට වැඩමුළුවක්. ‘නැණෝදා’ අධ්‍යාපන සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක පහ වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය මාලාවට සමගාමීව දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ඩී.ඒස්. සේනානායක විද්‍යලයීය ශ්‍රවනාගාරයේදි (13) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව මධ්‍යම පළාතේ අධ්‍යාපන කලාප පහලොවම ආවරණය වන සේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මහනුවර කලාප අධ්‍යපන කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් කළ මෙම සම්මන්ත්‍රණය සදහා ඇට්ලස් ලංකා සමාගම මඟින් අනුග්‍රාහකත්වය ලබා දෙන අතර, ශ්‍රී ලංකා පොලීසියේ, ප්‍රජා පොලිස් ඒකක‍යේ ප්‍රධාන පොලිස් පරික්ෂක, මනෝජ් සමරසේකර මහතා විසින් දැනුවත් කිරීම සිදුකරන ලදි. මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන හා අධ්‍යාපන ලේකම් මේනක හේරත්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කේ.ජි.ඒස්. නිශ්ශංක මහනුවර හා මාතලේ දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක යන මහත්වරුන් මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ මහත්මිය, ඇට්ලස් ලංකා සමගමේ නියෝජිතයින් ඇතුළු දෙමාපියන්, සිසු දරුවන් පිරිසක් ද සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook