මැදරට පරිපාලන සංකීර්ණය පොසොන් සිරියෙන් ඇළලෙයි.

මැදරට පරිපාලන සංකීර්ණය පොසොන් සිරියෙන් ඇළලෙයි.

මැදරට පරිපාලන සංකීර්ණය පොසොන් සිරියෙන් ඇළලෙයි. මධ්‍යම පළාත් සභාවේ සියලුම අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තුවල සහයෝගිතා සහභාගිත්වයෙන් පල්ලෙකැලේ පළාත් සභා සංකීර්ණය පොසොන් කලාපයක් බවට පත්වේ. පොසොන් පොහොයේ අරුත රාජ්‍ය සේවාව යථාවත් කිරීම උදෙසා භාවිතයට ගැනීම යන තේමාවෙන් , සහභාගිත්වයෙන් සහ එකමුතු බවෙන් යුතුව පළාතේ මහජන මෙහෙවර උදෙසා සේවක කැපවීම වැඩි දියුණු කිරීමේ අරමුණෙන් වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවිය. මෙහිදී ආරාධිත ආයතන හා පළාත් සභාවේ ආයතන වලින් නිර්මාණය වූ විචිත්‍ර පොසොන් පහන් කුඩු මහජන ප්‍රදර්ශනයට පත් කෙරෙණි. අමතරව රොටි ,බනිස්, ඔසු පැන් සහ මඤඤෙක්කා සහ අයිස් ක්‍රීම් වැනි දන්සැල් ගණනාවක් ද සංවිධානය විය. අම්බස්තලයේ අනුරුව සහ අවුකන බුදු ප්‍රතිමා වහන්සේ කාගේත් අවධානයට ලක් වන විචිත්‍රවත් ලෙස නිමකොට තිබු නිර්මාණයන් විය. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කලාපයේ සියලු මෙහෙවරයන් ජනතා ප්‍රදර්ශනයට විවත කෙරුණු අතර , පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ප්‍රධාන සේවක මඩුල්ලේ ආරාධනාවෙන් මහනුවර මහා දිසාපති, මධ්‍යම දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති , 11 වන සේනාකාධිපති , ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ ප්‍රදේශවාසී විශාල පිරිසක් මෙම කලාපය ට පැමිණ සහභාගී වූ අතර, ඉදිරිපත් කොට තිබු පොසොන් කුඩු නිර්මාණයන් අතරින් නිර්මානාත්මක නිර්මාණයන් සදහා මුදල් ත්‍යාග ද පිරිනමනු ලැබිය. මෙහිදී හොදම නිර්මාණාත්මක පොසොන් සැරසිල්ල සදහා වන ප්‍රථම ස්තානය පල්ලේකැලේ එළිමහන් සිර කදවුර ඉදිරිපත් කල පොසොන් සැරසිල්ල ලෙස ත්‍යාග දිනා ගත අතර, දෙවන තැන හිමි වුයේ ගඟඉහළ කොරළේය ප්‍රාදේශීය සභාවේ නිර්මාණයට ය. එහි තෙවන තැන කුණ්ඩසාලේ විවිධ සේවා සමුපාකාර සමිතියට හිමි විය. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අතින් තිළිණ පිරිනැමිණි. අවුකන බුදු රුව නිමවුම් කල පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ රංජිත් මංගලගම මහතා වෙනුවෙන් විශේෂ ඇගයුමක් ද සිදු කරනු ලැබිය මෙම අවස්ථාවට ගමගේ මහත්මිය ඇතුළුව සියලිම අමාත්‍යාංශ ලේකම් වරුන් ඇතුළු සියලු රාජ්‍ය නිලධාරීන් ද එක්විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook