කුවේටයෙන් අල් අරෆා විදුබිමට නව ගොඩනැගිල්ලක්.

කුවේටයෙන් අල් අරෆා විදුබිමට නව ගොඩනැගිල්ලක්.

කුවේටයෙන් අල් අරෆා විදුබිමට නව ගොඩනැගිල්ලක්. දෙනුවර අධ්‍යාපන කලාපයේ උඩුනුවර වහුංකොහ අල් අරෆා විද්‍යාලයේ ඉදිකිරීමට නියමිත දෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාල පරිශ්‍රයේදී (22) පැවැත්විණි. විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයෙ මැදිහත්වීම මත කුවේට් රජයේ ආධාර ඇතිව මෙම දෙමහල් ගොඩනැගිල්ල ඉදි කෙරේ. මෙහිදි අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා , වසර හතරක කාලය තුළදී රජය මූල්‍ය දුෂ්කරතාවයන්ට මුහුණ දුන් අතර එම කාලය තුළදී පවා අධ්‍යාපන ක්ෂේත්‍රය පවත්වාගෙන යාම සඳහා කටයුතු කළ බවත් නිදහස ලබා වසර හැත්තෑහයක් ගතවී ඇතැත් අධ්‍යාපන ක්ෂේත්‍රයට අවශ්‍ය පහසුකම් සැලසීමේ අභියෝග තවමත් ජය ගැනීමට නොහැකි වී ඇති බවත් කුවේට් රජයේ ආධාර ඇතිව ක්‍රියාත්මක කරනු ලබන මෙවැනි ව්‍යාපාති මගින් ඒ සඳහා විශාල සහයෝගයක් බවත් පැවසීය. මධ්‍යම පළාත තුළ ගුරුවරු පන්දාහක් පමණක් හිඟයක් පවතින බවත් හෙලිකල ආණ්ඩුකාරවරයා මේ වන විට උපාධිධාරී ගුරුවරුන් හත්සීයක් පමණ පිරිසක් බඳවාගෙන ඊට යම් විසඳුම් ලබා දී ඇති බවත්, ගුරු හිඟය මගහරවා ගැනීම සඳහා සාර්ථක විකල්ප යෝජනා කිහිපයක් ම ඉදිරිපත් වී ඇති බවත් පැවසීය.සිංහල , දෙමළ මුස්ලිම් වශයෙන් නොව ශ්‍රීලාංකිකයන් ලෙස නොසිතා තව දුරටත් බෙදී වෙන්ව යෑමට යමෙක් උත්සහා කළහොත් එය ඉතා අවාසනාවන්ත තත්වයක් ම වන බවත්. රටක් ලෙස නැගී සිටීමට නම් සියලු දෙනා එක අරමුණක පිහිටා කටයුතු කල යුතු බව ගමගේ ආණ්ඩුකාරවරයා අවධාරණය කළේය. දරුවන් 350 කට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන මෙම පාසලේ අධ්‍යාපන ප්‍රතිඵල ඉතා ඉහල මට්ටමක පවතින බව සංඛ්‍යාලේඛන සහිතව වීදුහල්පතිවරයා ගේ වාර්තාවෙන් හෙළිදරව් කෙරෙණි. මෙම අවස්ථාව සදහා උඩුනුවර ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් යන මහත්වරුන් සහ කුවේට් තානාපති කාර්යාලයේ නියෝජිතයින්, විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය නියෝජිතයින්, විදුහල්පති ඒ.සී.එම්. පවුසර් යන මහත්වරු ඇතුළු ගුරු භවතුන්, සිසු දරුවන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook