මධ්‍යම ආණ්ඩුකාරවරයා , සරසවි දරුවන් ,මහනුවර විවෘත බාලදක්ෂයන්, පාසල් සිසුන් හා රාජ්‍ය සේවකයින් සමගින් පොසොන් බැතී ගී ගායනයේ.

මධ්‍යම ආණ්ඩුකාරවරයා , සරසවි දරුවන් ,මහනුවර විවෘත බාලදක්ෂයන්, පාසල් සිසුන් හා රාජ්‍ය සේවකයින් සමගින් පොසොන් බැතී ගී ගායනයේ.

මධ්‍යම ආණ්ඩුකාරවරයා , සරසවි දරුවන් ,මහනුවර විවෘත බාලදක්ෂයන්, පාසල් සිසුන් හා රාජ්‍ය සේවකයින් සමගින් පොසොන් බැතී ගී ගායනයේ. අසිරිමත් පොසොන් උදාව බැතියෙන් සමරණු පිණිස ආණ්ඩුකාර කාර්යාලය සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ බාහිර උපාධි ශිෂ්‍ය එකමුතුව සංවිධානය කළ පොසොන් බැති ගී සරණිය මහුනවර සහස් උයන පරිශ්‍රයේදි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 21දා පැවැත්විණි. මෙහිදි පාසල් සිසුන්, බාල දක්ෂ කණ්ඩායම් සහ රාජ්‍ය ආයතන රැසක බැති ගී කණ්ඩායම් විසින් බැති ගි ඉදිරිපත් කළ අතර ඔවුන් වෙත සහතික ප්‍රදානයක්ද සිදු කෙරුණි. මෙහිදි අදහස් දැක්වු මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා කියා සිටියේ වර්තමානයේදි විශ්ව විද්‍යාල සිසුන් මෙවැනි සංස්කෘතික හර පද්ධතින් ආරක්ෂා කිරිමටත් ආගමට දහමට ලැදියාවෙන් කටයුතු කිරිම අගය කරන බවය.සමාජයේ විශ්ව විද්‍යාල සිසුන් පිළිබදව ඇති ආකල්පය වන්නේ ඔවුන් ප්‍රචණ්ඩකාරි හැසිරිම් පෙන්වන අය බවත් එසේ නොවි මෙවැනි කාර්යන් සිදු කරන පිරිසක් බවට සමාජයට හොද පණිවිඩයක් මේ තුළින් ලැබෙන බවත් මේ වැඩසටහන් සංවිධානය කළ සිසු ප්‍රජාවට අපේ ගෞරවය හිමිවිය යුතු බවද ඔවුනට ඇවැසි පරිසරය නිර්මාණයට තමන් සම විටම කටයුතු කරන බව ආණ්ඩුකාරවරයා පැවසිය. මෙහිදි ආණ්ඩුකාරවරයා ප්‍රමුඛ කාර්ය පළාත් ලේකම්වරුන් ඇතුලු සියලු දෙනා එකට එක්ව බැති ගි ගායනය කිරීම විශේෂ සිද්ධියක් විය. මෙම අවස්ථාවන් සදහා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ,පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මේනක හේරත්,අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුලු පාසල් සිසුන් විශ්ව විද්‍යාල සිසුන් ඇතුලු විශාල පිරිසක් එක්වි සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook