රාජ්‍ය භාෂා දින සැමරුම් මධ්‍යම පළාත් වැඩසටහන “බසක සුවද පැළද ගන්න - හදින් හදක්  වැළද ගන්න” .

රාජ්‍ය භාෂා දින සැමරුම් මධ්‍යම පළාත් වැඩසටහන “බසක සුවද පැළද ගන්න - හදින් හදක් වැළද ගන්න” .

රාජ්‍ය භාෂා දින සැමරුම් මධ්‍යම පළාත් වැඩසටහන “බසක සුවද පැළද ගන්න - හදින් හදක් වැළද ගන්න” යන තේමාව යටතේ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 02 දින පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී පැවැත්විණ. 02 දින සිට 05 දින දක්වා ක්‍රියාත්මක රාජ්‍ය භාෂා සතියට සමගාමිව පැවතී මෙම වැඩසටහනේ දී භාෂා භාවිතය හා කාර්යාල පරිසරය පිළිබදව වූ නාට්‍ය , දමිළ ගීත , දේශන ඇතුළු විශේෂාංග රැසක් සංවිධානය වී පැවතුනී. විෂමතාවය අවම කරමින් , විවිධත්වය අගය කරන්න අවස්ථාවන් උදා කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ දී රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය හා සමාජ සහජීවනය පිළිබදව වූ මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනය මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන)ලලිත් දසනායක මහතා විසින් සිදු කරන ලදී. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් , සභා ලේකම් සුජානි විජේතුංග , නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) දිලිපා රූපානි පියදාස , නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු ) සි.කේ.අමරකෝන් , නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුල්‍ය කළමනාකරණ) එච්.එම්.ඒ.ඒකනායක , නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) එම්.ආර්.විජේකෝන් , පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු,ඉඩම් කොමසාරිස් මනෝෂා විජේතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් එක් විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook