
සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට මධ්‍යම පලාතෙන් නව ප්‍රවේශයක් .
සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට මධ්‍යම පලාතෙන් නව ප්‍රවේශයක් .
මධ්‍යම පළාතේ සංචාරක කර්මාන්තයේ නියැලෙන සංචාරක පහසුකම් සපයන්නන් පුහුණු කිරීමේ හා බලපත්‍ර ලබාදීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් වෙළද වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව ක්‍රියාවට නංවයි. ඊට සමගාමිව පැවති නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිටින සංචාරක පහසුකම් සපයන්නන් සදහා වූ වැඩසටහන 06 වන දින නුවරඑළිය නගර ශාලාවේදී ආරම්භ කෙරිණ.
රටට අවශ්‍ය කාලින වූ වටිනාකම් ගොඩනමින් සංචාරක ව්‍යාපාරය මධ්‍යම පළාත තුළ විදිමත් කිරීමත් , ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ශනියම දිස්ත්‍රික්කය ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින වටිනාකම් තව තවත් වර්ධනය කරමින් දේශීය ආර්ථිකට වැඩි දායකත්වයක් ලබාදීමත් අපේක්ෂාවෙන් සංචාරක පහසුකම් සපයන්නන්ගේ සේවය වැඩි ආකර්ශනයක් සහිතව ලබාදීම , සංචාරක ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා අවමකිරීම , පවතින නීතිමය තත්වයන් හමුවේ සාර්ථකව වෘත්තියක් ලෙස සිදු කිරීමට පරිසරය උදා කිරීම යන අරමුණු ජය ගැනීමේ අපේක්ෂාවෙන් රටේ ආර්ථිකයට සෘජුවම බලපාන ආගන්තුක සත්කාරයෙන් ලෝකයේ අංක 01 බවට පත්කිරීමේ අරමුණ ඇතිව ඒ සදහා මගපෙන්වීම වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය කොට පැවතුනි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සියල්ල නියෝජනය කරමින් 400 කට අදික පිරිසක් සහභාගී වූ මෙම වැඩසටහන පුරා දින 05ක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ධාරිතා සංවර්ධනය , ලෝක සම්මත ප්‍රමිතීන් හදුන්වාදීම , නිවැරදි මගපෙන්වීම මෙන්ම නීත්‍යානුකූල බලපත්‍ර ලබාදීම මිට සමගාමිව සිදු කිරීමට නියමිතය. ආයතන රැසක් එකාබද්ධව දේශන හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමගින් මෙම වැඩසටහන පැවැත්වෙන අතර ලෝක සන්නාමයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීමේ පළමු පියවර පුංචි එංගලන්තයෙන් ආරම්භ කිරීමට සැලසුම් කෙරෙන අතර රටට විනිමය ගෙන්න නව හැරවුම් ලක්ෂයක් බවට පත් කිරීමට වැඩසටහන් රැසක් මිට සමගාමිව ක්‍රියාත්මක කිරිමට ද පළාත් සංචාරක දෙපාර්තමේන්තුව සැලසුම් කෙරේ.
මෙම වැඩසටහනේ සමාරම්භක දිනයේදී සබරගමුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එච්.එස්.එම්.අස්ලම් , මධ්‍යම පළාත් සංචාරක අධ්‍යක්ෂ නිශාන්ත මාදුවගේ , නුවරඑළිය මහා නගර සභාවේ කොමසාරිස් ඉශාන් විජේතිලක යන මහත්මීන් ඇතුළු සම්පත්දායක මඩුල්ලක් දායකත්වය ලබාදීම සිදුකළ අතර විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ,සංචාරක ක්ෂේත්‍රයේ විද්වතුන් ,නීති සම්පාදකයින් ඇතුළු පිරිසක් මේ සදහා දායකත්වය ලබාදීම සිදුකරයි.
මෙම සමාරම්භක අවස්ථාව සදහා නුවරඑළිය හිටපු නගරාධිපතිවරුන් , පරිසර අධිකාරිය, සංචාරක හෝටල් සංගමය, සංචාරක මගපෙන්වන්නන්ගේ සංගමය , සදතැන්න පාරිසරික ගොවිපලේ කළමනාකාරිත්වය , සංචාරක මාර්ගෝපදේශකයින්ගේ සංගමය , නාගරික සංවර්ධන අධිකාරිය, දිසා වන අඩවි නිලධාරි කාර්යාලය ඇතුළු ආයතන රැසක නිලධාරින් සහභාගී වුහ.