මහනුවර දිස්ත්‍රික් කබිඩි ශූරතා කුණ්ඩසාලෙට

මහනුවර දිස්ත්‍රික් කබිඩි ශූරතා කුණ්ඩසාලෙට

මහනුවර දිස්ත්‍රික් කබිඩි ශූරතා කුණ්ඩසාලෙට. 48 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දෙවන අදියර ලෙස පැවැත්වෙන මහනුවර දිස්ත්‍රික් අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තරගාවලියේ කබඩි ද්විත්ව ශූරතා දිනා ගැනීමට කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය කණ්ඩායම් සමත්විය මහනුවර දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩා සංකීර්ණයේ ගෘහස්ථ ක්‍රිඩාගාරයේ පැවැති මෙම තරගාවලිය සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය නියෝජනය කරමින් කණ්ඩායම් රැසක් සහභාගී වූ අතර, පිරිමි අවසන් තරගයේදී ලකුණු පනස් හතට විසි අටක් (57/28) ලෙස ලබා ගනිමින් යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පරාජයේ කරමින් කුණ්ඩසාලේ කණ්ඩායම ශූරතාවය දිනා ගැනීමට සමත් විය. කාන්තා අවසන් තරඟයේදී කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය කණ්ඩායම ශූරතාවය හිමි කරගනු ලැබුවේ දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායම ලකුණු හතළිස්පහට විසි එකක් (45/21) ලෙස පරාජය කරමිනි. ඒ අනුව මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා කුණ්ඩසාලේ කණ්ඩායම් වරම් හිමි කර ගන්නා ලදී. මෙම තරගාවලිය මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී කාර්යාලය මගින් සංවිධානයේ කොට පැවතුණි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook